බේරුවල පොලිසියේ අපරාධ අංශයේ OIC ඇතුළු තිදෙනෙකුට පහර දීමකින්

බේරුවල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකුට පිරිසක් විසින් පහර දීමක් සිදු කර ඇති බව පොලිසිය පවසයි.
මෙම පහර දීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් තිදෙනා නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.
බේරුවල ධීවර වරාය ආසන්නයේදී පිරිසක් ඊයේ (ජූනි 9) රාත්රියේ ලොරි රථයක නැගී කොඩි එල්ලමින් සිට ඇත.
එම ස්ථානය අසලින් ගමන් කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මාර්ගය අවහිර නොකර එම කටයුතු කරන ලෙස අදාළ පිරිසට පවසා තිබේ.
ඉන් අනතුරුව ඇතිවූ බහින් බස්වීමකින් හේතුවෙන් මෙම පහර දීම සිදු කර ඇති බව පොලිසිය සඳහන් කළේ ය.
පොලිසිය සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ය.