යුද හමුදාවෙන් ඉවත් වූ 10,000ක් පොලිසියට බදවා ගැනිමට සැලසුම් – හිරුණි ලක්ෂිකා

යුද හමුදාවෙන් නීත්‍යානුකුලව ඉවත් වු 10,000ක පිරිසක් පොලිස් සේවයට බඳවා ගැනීමට සැලසුම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළා.
ඒ අනුව වයස අවුරුදු 45ට අඩු යුධ හමුදාවෙන් ඉවත් වූ පිරිස් සඳහා මෙම අවස්ථාව පවතිනවා.
වසර 05ක කාලයක් සඳහා මෙම පිරිස බඳවා ගැනීමට අදාළ කැබිනට් පත්‍රිකාව අද දිනයේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවයි ඔහු කියා සිටියේ.