නීතිවිරෝධී දුම්වැටි සමඟ අයෙකු කටුනායකදී අල්ලයි – ඉමල්ෂා නෙත්මිණි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේදී නීති විරෝධි දුම්වැටි 7600 ක් (කාටූන් 28) සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (08) රාත්‍රියේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

සැකකරු වයස අවුරුදු 20 ක් වන ඇලබඩගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ගුවන්තොටුපොළ ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *