පොසොන් පොහොය නිමිත්තෙන් බැතිමතුන්ගේ ආරක්ෂාවට පොලිසියෙන් 3,500 ක් – හිරුණි ලක්ෂිකා

පොසොන් පොහොය නිමිත්තෙන් හෙට සිට අනුරාධපුර, මිහින්තලය සහ අටමස්ථානයට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 3,500 ක් යොදවා ඇති බව පොලිසිය පවසනවා.
වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් සදහන් කළේ එම බැතිමස්ථාන මුල්කරගෙන රථවාහන හැසිරවීමට, බැතිමතුන්ගේ ආරක්ෂාවට සහ වැව් ආශ්‍රිතව සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා මෙම ආරක්ෂක වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි.