බඹර ප්‍රහාරයෙන් කාන්තාවක් මරුට – ප්‍රේමලාල් රත්නායක

වැලමඩ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ මාදෝවිට ප්‍රදේශීයේ ගසක තිබු බඹර කූඩුවකට උකුස්සෙකු පහරදිම නිසා බඹරුන් ඇවිස්සී පුද්ගලයින් 10 දෙනෙකුට දෂ්ට කර තිබෙනවා.

එහිදී එක් කාන්තාවක් මියගොස් ඇති අතර ප්‍රහාරයට ලක්වූ තවත් හතර දෙනෙකු වැලිමඩ මුලික රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙසේ මිය ගොස් ඇත්තේ මාදොවිට පදිංචි වයස අවුරුදු 88 අවිවාහක කාන්තාවක්.
මෙම ප්‍රදේශයේ ජනතාව නිතර නිතර බඹරුන් දෂ්ට කිරීමෙන් දැඩි ලෙස අසරණ තත්ත්වයට පත්වන අතර මේ සම්බන්ධව වනජීවී නිලධාරීන් මැදිහත් වී වහාම ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙසයි ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *