පරිපූරක වෘත්තීන් 04ක සේවකයින් අද පෙරවරු 08ට වර්ජනය නවතයි – ඉමල්ෂා නෙත්මිණි

පරිපූරක වෛද්‍ය සේවා 05ක් එක්ව ආරම්භ කළ වර්ජනයෙන් සේවා 04ක සේවකයින් අද පෙරවරු 08ට ඉවත් වීමට තීරණය කර තිබෙනවා.
ඊයේ පස්වරුවේ රැස් වූ පරිපූරක වෛද්‍ය වෘත්තිකයින්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ වෘත්තිකයින් මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි එහි ලේකම් චානක ධර්මවික්‍රම කියා සිටියේ.
කෙසේ වෙතත්, වෛද්‍ය රසායානාගර වෘත්තිකයින් පමණක් මෙම වර්ජනය තවදුරටත් සිදු කරනවා.
වෘත්තීය ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් පෙරේදා උදෑසන 08ට පරිපූරක වෛද්‍ය වෘත්තීන් 05 ක් එක්ව මෙම වර්ජනය දියත් කළ අතර මේ හේතුවෙන් රෝගීන් පත් වුණේ දැඩි අපහසුතාවයකටයි.