කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක පුත්තලමේ පෞද්ගලික රෝහලකත් වැඩද ( වීඩියෝ ඇත )

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙලේ පෞද්ගලික රෝහලක අධ්‍යක්ෂකවරයා ලෙස සේවය
කරමින් තමන් සේවයෙන් ඉවත් කල බව මේ රෝහලේ සේවය කල ප්‍රධාන හෙද පාලිකාව පැවසුවාය .
මේ නිලධාරිනිය වැඩි දුරටත් කියා සිටියේ මේ රෝහලේ සේවය කරන කාර්ය මණ්ඩලයේ වැඩි පිරිසකට නිසි පුහුණුවක් නොමැති බවයි .
සාමාන්‍ය හෙදියක් ලෙස සේවය කරන ලෙස තමන් මේ තනතුරෙන් ඉවත් කිරීමට පෙර වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ඉතා කාරුණිකව තමන්ගෙන් ඉල්ලා සිටි බවද
ඇය කියා සිටියා .
වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ගේ බිරිද මේ වන විට තම තනතුරේ කටයුතු කරන බවද මේ නිලධාරිනිය පෙන්වා දුන්නා .
පෙරේදා 05 දිනයේ රජයේ ආයතනයක ද ආධාරයෙන් මේ හෙද පාලිකාව නැවතී සිටි ස්ථානය අනාරක්ෂිත කිරීමට මේ පෞද්ගලික රෝහලේ කළමනාකාරිත්වය
පියවර ගත්තා . අවසානයේ ඇයට පිහිට ලබා ගත හැකි සියලු රාජ්‍ය ආයතන නිහඩ කිරීමට හා මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් නිහඩ කිරීමට මේ පාලනාධිකාරිය
පියවර ගත් බවයි මේ හෙද පාලිකාව කියා සිටියේ .
වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මේ පෞද්ගලික රෝහලේ අධ්‍යක්ෂකවරයා ලෙස ලබා දුන් ලිඛිත නියෝග හා ලේඛන රැසක් මේ හෙද පාලිකාව විසින් විසින් මාධ්‍ය වෙත
ඉදිරිපත් කර තිබේ
මේ පිලිබදව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන්ගෙන් දුරකතනයෙන් කල විමසීමේදී කියා සිටියේ තමන් මේ රෝහලේ අධ්‍යක්ෂකවරයා නොවන බවයි . තමන් මෙහි කරන්නේ
ගරු සේවයක් බවද ඔහු පිළිගන්නා ලදී .
මේ දුරකථන සංවාදයේදී වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කියා සිටියේ තමන් ගන්නා වැටුපට වැඩ කරන බවයි .
මේ හෙළිදරව්ව අප කලේ දින කීපයක අධ්‍යනයකින් පසුයි . වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ට මේ හෙද පාලිකාව කරන චෝදනා හා මේ රෝහලට කරන චෝදනා පිලිබදව
තවදුරටත් අපි සොයා බලමින් සිටිනවා . මේ පිලිබදව තොරතුරු ඇත්නම් අපට දැනුම් දිය හැකියි . මේ සම්බන්ධයෙන් මේ රෝහලට ගොස් අපි විමසා සිටියත්
අපිට තොරතුරු ලබා දීම ආයතන විසින් ප්‍රතික්ෂේප කරන ලදී