වැල්ලවත්තේ ගොඩනැගිල්ලකින් ඇදවැටී පුද්ගලයෙක් මරුට – හිරුණි ලක්ෂිකා

වැල්ලවත්ත රාමක්‍රිෂ්ණා පෙදෙසේ මහල් 5කින් යුත් ගොඩනැගිල්ලකින් ඇද වැටීමෙන් පුද්ගලයෙක් මියගොස් ඇතැයි වැල්ලවත්ත පොලීසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ මඩකලපුව ප්‍රදේශයේ පදිංචිව සිටි රාසයියා තවරාසා නමැති 59 හැවිරිදි දෙදරු පියකි.

මෙම පුද්ගලයා මීට වසර 3කට ඉහතදී වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ පෙදෙසේ ව්‍යාපාරිකයෙකුගේ නිවසට මුරකරුවෙකු සහ සේවකයෙකු ලෙස පැමිණ තිබේ.

ඔහු අද (04) පෙරවරුවේ ඉහළ මහලේ කොරිඩෝව අසල ලී මිටක් ආධාරයෙන් සැකසූ උපකරණයකින් ජනේල පියන් පිරිසිදු කරමින් සිටියදී මෙම අනතුරට මුහුණදී ඇති බව වාර්තා වෙයි.

අනතුරට පත් එම පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති බවද පොලීසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *