බෝකුන්දර ප්‍රදේශයේ පිහිටි ලී අලෙවි සැලක ගින්නක් – හිරුණි ලක්ෂිකා

පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ කොළඹ මාර්ගයට මුහුණලා ඇති ලී අලෙවි සැලක ගින්නක් හටගන තිබෙනවා.

අද (04) උදෑසන පහට පමණයි මෙම ගින්න ආරම්භ වී ඇත්තේ.
කොළඹ නගර සභාව, මොරටුව නගර සභාව සහ දෙහිවල ගල්කිස්ස නගර සභාවේ ගිනි නිවන රථ මගින් ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.
ගින්න හේතුවෙන් වෙළඳ සැල මුළුමනින්ම දැවී ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ගින්න නිවන අවස්ථාවේදී කොළඹ සිට පිළියන්දල දෙසට ගමන් ගන්නා මං තීරුව මුළුමනින්ම වසා දමා තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *