මෙවර ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට – නාගේන්ද්‍රන් කල්පනා

ලෝක රූ රැජින කිරුළ තායිලන්ත තරගකාරිණියක් වන ඔපල් සුචතා චුංශ්‍රී නම් තරගකාරිණිය විසින් දිනාගනු ලැබීය.
1951 වසරේ මහා බ්‍රිතාන්‍යයේදී ඇරඹි ලෝක රූ රැජින තරගයේ 72 වැනි අදියර ඉන්දියාවේ තෙළඟනාහිදී ආරම්භ වූයේ මැයි 7 වැනිදාය.
මෙවර ලෝක රූ රැජින තරගාවලිය සඳහා තරගකාරිනියන් 108 දෙනෙකු ඉදිරිපත් ව සිටි අතර ඔවුන් මහද්වීප 4කට බෙදා එක් එක් මහද්වීපයෙන් අවසන් වටයට තරගකාරිනියන් 10 දෙනෙකු බැගින් තෝරා ගැනුණි.
එම මහාද්වීප වෙන්කර තිබුණේ, අමෙරිකා සහ කැරබියානු, යුරෝපා, අප්‍රිකා, ආසියා සහ ඔෂනියා ලෙසයි.
21 හැවිරිදි ඇය කාන්තාවන්ගේ සෞඛ්‍ය දැනුවත්භාවය සඳහා ඇයගේ විශ්වාසය, කරුණාව සහ කැපවීම සමඟ මෙම තරගාවලියේ දී කැපී පෙනුණු චරිතයක් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තම්මාසාට් විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව හදාරන ඔපල් සුචතා චුංශ්‍රී, තායි, ඉංග්‍රීසි සහ චීන භාෂා චතුර ලෙස හැසිරවිය හැකිය. ඇය මහජන සේවයේ ක්‍රියාකාරීව සම්බන්ධ වී සිටියි. විශේෂයෙන් පියයුරු සෞඛ්‍යය පිළිබඳ දැනුවත්භාවය ව්‍යාප්ත කිරීම සහ කාන්තාවන් අතර නිතිපතා පරීක්ෂාවන් ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරන “ඔපල් ෆෝ හේර්” නම් ඇගේ ව්‍යාපාරය පිළිබඳව මෙම තරගයේ දී ඇය පැහැදිලි කළේය.
ඒ අනුව ලොව පුරා තරඟකාරිනියන් 100 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ දැඩි තරඟයකින් පසුව ඇයට මෙලෙස කිරුළ හිමි විය.
දෙවැනි ස්ථානයට පත්වූයේ ඉතියෝපියාව නියෝජනය කළ හැසෙට් ඩෙරේජ් ඇඩ්මාසු තරගකාරියයි.
තෙවැනි ස්ථානයට පත්වූයේ පෝලන්තය නියෝජනය කළ මාජා ක්ලජ්ඩා වේ.
ලෝක රූ රැජින තරගයේ සිව් වැනි ස්ථානයට පත්වූයේ මාර්ටනික්‍යු රාජ්‍ය නියෝජනය කළ ඕරේලි ජෝකිම් තරගකාරියයි.