දරුවන් අතර ඉන්ෆ්ලුවන්සා, චිකුන්ගුන්යා සහ ඩෙංගු රෝගවල වර්ධනයක් – හිරුණි ලක්ෂිකා

දරුවන් අතර ඉන්ෆ්ලුවන්සා, චිකුන්ගුන්යා සහ ඩෙංගු යන රෝගවල වැඩිවීමක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර් යා    ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

පැවති අයහපත් කාලගුණික තත්ත්වය මත පැවති වැසි හේතුවෙන් ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගය වැඩි වීමක් දක්නට ලැබෙන බව‍යි විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ.

එබැවින් මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර දැමීමට අවධානය යොමුකළ යුතු බවද විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙනවා.
ඩෙංගු රෝගය මාරාන්තික බවත් චිකුන්ගුන්යා රෝගයෙන් පසු මාස ගණනාවක් පුරාවට හන්දි කැක්කුම් ආදියෙන්ද පීඩා විඳීමට සිදුවන බවයි පැවසෙන්නේ.
මේ අතර ගර්භණී මාතාවන්ට සහ වයස්ගත පුද්ගලයින්ට චිකුන්ගුන්යා රෝගය වැළඳුනහොත් එය අසාධ්‍ය විය හැකියි.
එමෙන්ම ගර්භණී මව්වරුන් විසින් ප්‍රසූත කරනු ලබන දරුවාටද මෙම තත්ත්වය බලපෑ හැකි බව වෛද්‍යවරයා පෙන්වා දෙනවා.

මේ අතර ඉන්ෆ්ලුවන්සා රෝග තත්ත්වයේද වැඩි වීමක් මේ දිනවල දක්නට ලැබෙනවා.

මෙම රෝගී තත්ත්වය දරුවන් අතර සීඝ්‍රයෙන් වර්ධනය විය හැකි බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *