ත්‍රීරෝද රථයෙන් වැටුණු සිඟිත්තා බසයකට යට වී මරුට
ත්‍රීරෝද රථයක යමින් සිටි තුන් හැවිරිදි පිරිමි දරුවෙක් පානදුර අරුක්ගොඩ ප්‍රදේශයේදී තීරෝද රථයෙන් බිමට වැටී බස් රථයකට යටවී මියගිය බව හිරන පොලිසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ නිව්ඩාව ප්‍රදේශයේ පදිංචිව සිටි සත්සර ප්‍රනාන්දු නමැති ( අවුරුදු -3, මාස 1 යි) දරුවෙකි.
අනතුරින් මියගිය දරුවාගේ නැන්දණිය කුඩා දැරියකට හා හා පුරා කියා කරාබු යුගලක් පැළඳීමට කන් විඳීම සඳහා නැකතක් බැලීම ට නක්‍ෂත්‍රකරුවකු හමුවට යාමේදී මියගිය දරුවා හා වයස අවුරුදු 6 ක හා 10 ක දරුවන් දෙදෙනෙකුද තීරෝද රථයට නන්වාගෙන ඇතැයි පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත
ත්‍රීරෝද රථයේ පිටුපස අසුනේ මැදට වන්නට නැන්දණිය එහි දකුණු පසු මියගිය දරුවාත් වම් පස අනෙක් දරුවන් දෙදෙනත් ගමන් කර ඇත.
අදාළ ත්‍රීරෝද රථය රුක්ගහ සිට කුරුස හංදිය දෙසට පැමිණීමේදී දකුණු පස අසුන්ගෙන සිටි කුඩා දරුවා ත්‍රී රෝද රථයේ දකුණු පසු පෙදෙසින් මාර්ගයට වැටීමත් සමඟම නැන්දනියේ ඒ බව පවසමින් කෑ ගසා රියදුරට දැනුම් දීමෙන් අනතුරුව ආපසු තීරෝද රථය හරවාගෙන මීටර් කීපයක් අරුක්ගොඩ දෙසට පැමිණීමේදී එම දරුවා පානදුර සිට නිව්ඩාව තෙක් ගමන් කරන පෞද්ගලික බස් රථයකට යටවී බරපතල තුවාල ලබා මාර්ගයේ වැටී සිටින අයුරු දැක තිබූ බව පොලිසිය සඳහන් කරයි
වහා ක්‍රියාත්මක වූ ඥාති නැන්දනිය එම ත්‍රීරෝද රථයෙන්ම දරුවාව පානදුර මූලික රෝහල වෙත රැගෙන ගියද ඒ වන විටත් දරුවා මියගොස් සිට ඇතැයි රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය
මෙම අනතුර ත්‍රීරෝද රථ රියදුරුගේ අපරීක්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් සිදුවී ඇතැයි පොලිසිය කියයි
ත්‍රීරෝද රථ රියදුරු හා පෞද්ගලික බස් රථ රියදුරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.