ජාත්‍යන්තර දුම්වැටි හා මත් විරෝධී දිනය මැයි 31 “සවිබලයෙන් රට දිනවන්න-මත් රැහැනෙන් ඔබ මිදෙන්න”- චන්දන ජයවීර – හැටන්

ජාත්‍යන්තර දුම්වැටි හා මත් විරෝධී දිනය මැයි 31 වන දිනයට යෙදි තිබේ .ඒ අනුව ලෝකය පුරාම ඊයේ එම දිනය සමරණු ලැබේ.
ශ්‍රී ලංකාවේ ද ජාත්‍යන්තර දුමිවැටි හා මත් විරෝධී දිනයට සමගාමීව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමාජ සංවර්ධන අංශය සංවිධානය කරන දුම්වැටි හා මත් විරෝධී කොඩි පැලද වීම තවත් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරිමට පියවර ගෙන ඇත .
ඒ අතර දැනුවත් කිරිමේ හා මානසික සෞබ්‍යය සංවර්ධනය කිරිමේ වැඩසටහන් .ආකල්ප සංවර්ධනය,ලේ දන්දීමේ වැඩසටහන් හා දුම්වැටි හා මත් විරෝධී කොඩි අලෙවි කිරිම වේ .
“සවි බලයෙන් රට දිනවන්න – මත් රැහැනෙන් ඔබ මිදෙන්න” යන සංකල්පයෙන් මැයි 31 දා සිට ජුනි 17 දක්වා මෙම කොඩි අලෙවිය සිදු කරනු ලැබේ.වසම් මට්ටමේ සමෘද්ධි ග්‍රාමීය කමිටු විසින් සිදු කරන මෙම කොඩි අලෙවි කිරිමෙන් උපයන මුදලින් තරුණ පරපුර හා වැඩිහිටියන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වලක්වා ගැනීම සදහා ආකල්ප සංවර්ධන වැඩ සටහන් කිරිම ,අඩු ආදායම් ලාභි පවුල්වල දරුවන්ට පාසල් උපකරණ ලබා දීම ,නිවාස ඉදිකර දීම ,සෞඛ්‍යය පහසුම් සැලසීම ,ළමා සමාජ දරුවන්ගේ සාහිත්‍ය හා කලා කටයුතු සංවර්ධනය වෙනුවෙන් වැය කෙරේ.
එහි නුවරඑළිය දිස්ත්‍රික් සමාරම්භක උත්සවය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකොන් මහත්මිගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විය.
එම අවස්ථාවට දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඇතුලු පිරිසක් එක්ව සිටියහ.