හලාවත වැල්ල මුහුදට බිලි වෙයිද ?

අයහපත් කාලගුණය හේතුවෙන් හා වාරකන් ලැබීම හේතුවෙන් හලාවත වැල්ල ග්‍රාමයේ නිවස රැසක් මුහුදු බත් වීමේ අවදානමක් මතුව තිබේ
මේ වන විට නිවාස සියයකට වැඩි ප්‍රමාණයකට දිනපතා මුහුදු ජලය ගලා එන අතර එය වලක්වා ගැනීම සදහා ගම්වැසියන් නොයෙකුත් කාර්යන් සිදු කරයි
ඒ අතර තම වියදමෙන් බැකෝ යන්ත්‍ර දමා ගල් ඇතුළු අබිලි ද්‍රව්‍ය දමා ගැනීම ,දැල් දැමීම පරණ ලි කොටන් දමා ගැනීම වෙයි .
මේ ගම්මානය සැම වාරකන් සමයකදිම ඛාදනයට ලක් වන අතර මෙවර එය වැඩි වී ඇති බව ගම්වැසියන් පැවසුහ .
මිට පෙර අවස්ථා කීපයකදී හලාවත මෝය සංවර්ධනය කරන මුවාවෙන් වැලි ජවාරම් සිදු කිරීම මේ ඛාදනය ට එක හේතුවක් ලෙස දැක්විය හැක .