හලාවතදී බෝට්ටුවක් පෙරලෙයි – ධීවරයෙක් අතුරුදන් පැය හතරක් මුහුද සමග සටන් කර ධීවරයෙකු ජීවිතය බේරා ගනී – හිරුණි ලක්ෂිකා

හලාවත මොයේදී ධිවර යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් ධීවරයෙකු අතුරුදන්ව ඇති අතර තවත් ධීවරයෙකු පැය හතරක් මුහුද සමග පොර බදා ජීවිතය බේරා ගැනීමට
සමත්ව තිබේ . අද 28 අලුයම 03.15 ට පමණ මේ අනතුර සිදුව තිබේ
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ හලාවත අලුත්වත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් ධිවර යාත්‍රාවකි . අතුරුදන්ව ඇත්තේ හලාවත අලුත්වත්තේ පදිංචිව සිටි ජනිත් ක්‍රිෂාන්
අප්පුහාමි (39 )හැවිරිදී දෙදරු පියෙකි.
ඉදුනිල් නදීශාන් (36 ) නමැති ධීවරයා කියා සිටියේ මුහුදු නොයන ලෙස රජය විසින් දැනුම් දී තිබුනත් දින හතරක් මුහුදු නොයැම හේතුවෙන් දරුවන්ට කන්න දීම සදහා
මුහුදු යාමට සිදුවූ බවයි . තමන් සමග ජනිත් පයක පමණ කාලයක් බෝට්ටුවේ එල්ලී සිටි බවත් පසුව වෙහෙස වැඩි වීමත් සමග ඔහු බෝට්ටුව අත හරිය බවයි . තමා
බෝට්ටුව සමග පාවී කරුකපනේ ගම්මානය ආසන්නයට පැමිණි පසු බෝට්ටුව අතහැර පිහිනා ගොඩ බිමට පැමිණි බව පැවසිය .
මුහුදට පෙරලුනු ධිවර යාත්‍රාව සොයා ගෙන ඇතත් එන්ජිම සහ අතුරුදන්වූ ධීවරයා පිලිබදව තොරතුරක් අද 28 දහවල් වනතෙක් ලැබී නොතිබිණි . ධීවරයා සොයා
බෝට්ටු කීපයක් විශේෂ සෝදිසි මෙහෙයුමක්ද ආරම්භ කර තිබිණි .
හලාවතට නිසි ධිවර වාරයක් නමැති කම මේ තත්වයට හේතුව බව ධීවරයන් පෙන්වා දෙන ලදී
වාරකන් සමයේදී හලාවත මෝයෙන් ධිවර යාත්‍රා මුහුදට දැමීම ඉතා අපහසු වන අතර සෑම වසරකම ධිවර යාත්‍රා කීපයක් අනතුරට ලක්වෙයි . පසුගිය රජයන් මේ මෝය
සංවර්ධනය කර ධිවරයනට යාත්‍රා පහසුවෙන් මුහුදට දමා ගැනීමට සලස්වන බව කියා වැලි ජාවාරම් ඇතුළු ජාවාරම් කීපයක නිරත විණි .