මම කිව්වේ ජනාධිපති අරමුදලෙන් සල්ලි ගත්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගේ ලැයිස්තුවක් – මාධ්‍ය ප්‍රකාශක ( වීඩියෝ සහිතයි )

තමා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළේ ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගේ වාර්තාවක් මිස කලාකරුවන් විසින් මුදල් ලබා ගත් වාර්තාවක් නොවේ යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
ඔහු මේ බව පැවසුවේ, මාලිනී ෆොන්සේකා මහත්මියට ජනාධිපති අරමුදලෙන් ලක්ෂ 55ක් ලබා දීම වැරදි යන ස්ථාවරයේ තවමත් සිටිනවා දැයි මාධ්‍යවේදියෙකු (මැයි 27) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ය.
එහිදී ඇතිවූ සංවාදය මෙසේ ය.
ප්‍රශ්නය: හෙළයේ මහා නිලි රැජිණට ජනාධිපති අරමුදලෙන් ලක්ෂ 55ක් ලබා දීම වැරදි යන ස්ථාවරයේ ඔබතුමා තවමත් සිටිනවා ද?
අමාත්‍යවරයා: “මම පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ජනාධිපති අරමුදලින් ලබා ගත් අරමුදල් සම්බන්ධව තොරතුරු. එතනදී මම සඳහන් කළේ මිලියන 1,220ක් සම්බන්ධයෙන් තොරතුරුයි. මට ඒ පිළිබඳව ඉදිරිපත් කරන්න පුළුවන් මෙච්චරයි එතන කෙහෙළිය රඹුක්වැල්ල, රාජිත සේනාරත්න, දිමු ජයරත්න, දයාසිරි ජයසේකර, ඇතුළු මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විසින් ලබා ගත් අරමුදල් සම්බන්ධව තමයි මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ.”
ප්‍රශ්නය – එතුමිය රෝහල්ගත කර සිටි අවස්ථාවේදී ගොඩක් අධ්‍යක්ෂවරු පවා දුක හිතිලා හිටියේ සිද්ධිය සම්බන්ධයෙන්. නමුත් ඔබතුමා තාමත් සමාව ගන්නවත්, කණගාටුව පළ කරන්නවත් මැලිවෙනවා ?
අමාත්‍යවරයා: “මම හිතන්නේ මේක විකෘති කරලා පසුගිය දවස් කීපයේ තමයි මේක වාර්තා කරලා තිබුණේ. අපි ජනාධිපති අරමුදලෙන් මුදල් ගත්ත අය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කළා. ඒක ඉතිං තව කලාකරුවන්ට ලබා දීලා තියෙනවා, ලබා දෙන්න පුළුවන්. කලාකරුවන්ට ලබා දුන් වාර්තාවක් අපි ඉදිරිපත් කළේ නැහැ. ඒ සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් ඇති කරගන්න අවශ්‍ය නෑ. මාලනී ෆොන්සේකා මහත්මිය සම්බන්ධයෙන් අපිට නිසි ගෞරවය තියෙනවා. සිනමාවට කරන ලද ඉතා ඉහළ කැප කිරීම සම්බන්ධව රටක් විදිහට අපේ ඇගයීමක් තියෙනවා. ඇය මේ රටේ සිනමා කර්මාන්තය ඉහළ නැංවීමට විශාල දායකත්වක් දරපු කෙනෙක්”