යූරියා මෙට්‍රික් ටොන් 15,000ක් ආනයනයට පියවර – ඉමල්ෂා නෙත්මිණි

ඉදිරි කන්නය සඳහා යූරියා පොහොර මෙට්‍රික් ටොන් 15,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

රජය සඳහන් කළේ, ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැණි ලිමිටඩ් විසින් පෞද්ගලික අංශයේ සමාගම් හා තරගකාරී අයුරින් 2023/24 මහ කන්නයේ සිට පොහොර ආනයනය කර ගොවින් වෙත අලෙවි කිරීම සඳහා 2023-07-17 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති බව ය.

ඒ අනුව, ඉදිරි කන්නය සඳහා විවෘත වෙළෙඳපොළ තුළ සෘජු හා මිශ්‍ර පොහොර ලෙස අලෙවි කිරීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් යූරියා මෙට්‍රික් ටොන් 15,000 ක් ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ් විසින් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *