තව දුරටත් වැසි ,මුහුදත් රළුයි – ඉමල්ෂා නෙත්මිණි

සක්‍රීයව පවතින නිරිත දිග මෝසම් තත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකටම ඉදිරි පැය 24 තුළ මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත්, ප්‍රදේශ රැසක මෙලෙස වැසි ඇති විය හැකි බවයි.
මේ අතර උතුරුමැද පළාතේත්, මන්නාරම, හම්බන්තොට සහ මාතලේ යන දිස්ත්‍රික්කවල ද වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.
එමෙන්ම, හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 60ත් 70ත් දක්වා ඉහළ යා හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *