අලි නැවතත් ආඩිගම ආක්‍රමණය කරයි – ජනතාව පාරට – ඉමල්ෂා නෙත්මිණි ( වීඩියෝ සහිතයි )

අලි ගම් වැදීම උග්‍ර වී ඇති බව කියමින් ආනමඩුව ආඩිගම ගම්වැසියන් පිරිසක් අද 25 පෙරවරුවේ ආඩිගම නගරයේදී විරෝධතාවයක නිරත විණි . මේ වසරේ
මාර්තු මාසයේදී මේ ප්‍රදේශයේ අලි තබ්බෝව රක්ෂිතයට කැදවා ගෙන ගිය අතර ඉන් අනතුරුව පුත්තලම වනජීවී බලධාරීන් කියා සිටියේ මේ ප්‍රදේශයේ සිටි සියලු
අලි තබ්බෝව රක්ෂිතයට ස් ඇති බවයි . එහෙත් මාසයක් ඉක්මයන්නට මත්තෙන් නැවත අලි තම ප්‍රදේශවලට පැමිණි බව මේ විරෝධතාවයට නායකත්වය ලබා දුන් ආඩිගම අලි එලවීමේ
එකමුතුවේ කැදවුම්කරු තිලින වෙල්ගම මහතා පැවසිය .
පසුගිය මාර්තු 15 වැනි දින නිල වශයෙන් මේ ප්‍රදේශයේ අලි ත්බ්බෝවට කැදවා ගෙන යාම ආරම්භ වූ අතර මාර්තු මස 21 වන දින විට මේ මෙහෙයුම නිමා කරන ලදී .
ඉන් පසු ප්‍රදේශවාසීනට නිදහසේ සිටීමට හැකිව ඇත්තේ මාසයකට අඩු කාලයක් පමණි . මේ වන විට අලි විස්සකට ආසන්න ප්‍රමාණයක මේ ප්‍රදේශයට පැමිණ ඇති
බවද විරෝධතා කරුවන් පැවසුහ .
පැයකට වැඩි කාලයක් මේ විරෝධතාවය පැවති අතර විසදුමක් නොලැබුන හොත් අඛන්ඩ විරෝධතාවයක් ආරම්භ කරන බව විරෝධතා කරුවන් වැඩි දුරටත් පැවසුහ