මහනුවර දිස්ත්‍රික් සමථ මුදල් මණ්ඩල පත්වීම් ප්‍රදානය මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී – නදීක දයා බණ්ඩාර

මහනුවර දිස්ත්‍රික්කයේ මූල්‍ය විමර්ශන කටයුතු කඩිනම් කිරීම සඳහා සමථ මණ්ඩලය සඳහා අවශ්‍ය පහසුකම් පුළුල් කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පවසයි.
මූල්‍ය චංචා හා අකටයුතුකම් වැළැක්වීම සඳහා සමථ මණ්ඩලයට සුවිශේෂී අවස්ථාවක් හිමිවන බැවින් එම මණ්ඩලයේ වපසරිය පුළුල් කිරිම සම්බන්ධයෙන් අවදානය යොමු කරන බව ද ඒ මහත පැවසුවේය.
දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා මෙම අදහස් පළ කරන ලද්දේ සමථ මණ්ඩල කොමිෂන් සභාවේ මහනුවර දිස්ත්‍රික් විශේෂ මූල්‍ය සමථ මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් සඳහා පත්වීම් ප්‍රදානය නිමිත්තෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (21) පැවැති උත්සවයේදීය.
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය මගින් මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් එකඟතා හා සමථ කිරීම් පිළිබඳව විශේෂ මූල්‍ය සමථ මණ්ඩලයක් ස්ථාපිත කොට ඇති අතර එහි පළමු මණ්ඩලය මහනුවර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොට ක්‍රියාත්මකය.
ඒ අනුව සාමාජික සාමාජිකාවන් හතළිස්දෙනෙකුගෙන් යුක්ත සමථ මණ්ඩලය සඳහා පත්විම ලබාදීම මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
එහිදී අදහස් දැක්වූ ඒ මහතා රුපියල් මිලියනයකට වඩා අඩු මූල්‍ය ගනු දෙනු වලදී සිදුවන පැහැර හැරීම් ඇතුලු අක්‍රමිකතා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම මෙම මණ්ඩලය මගින් සිදුවන බවත් විවිධ හේතු හේතුවෙන් ලබා ගත් ණය පැහැර හැරීම් ආදිය සමථයට පත් කොට අය විය යුතු මුදල් දෙපාර්ශවයම සෑහෑමකට පත්වන අයුරින් ඉටු කිරීම මෙමගින් සිදුවන බව ඒ මහතා කීවේය.
වත්මන් සමාජයේ පුද්ගලයා අතර ඉවසීම නොමැති නිසා ගැටලු කරා වැඩි වශයෙන් යොමු වන බවත් එවැනි විවිධ ගැටුම් හා නීතිමය ආරවුල් සම්බන්ධ විසදුම් ලබාදීම මෙම මණ්ඩල මගින් සිදුවන බවත් ඒ මහතා සඳහන් කළේය.
ඇතැම් පුද්ගලයන් සාධාරණව අනෙකට ගෞරව නොකර කටයුතු කිරීම නිසා ඔවුන් සමථ කිරීමට මේ වන විට රජයට පවා මැදිහත්වීමට සිදුව ඇතැයි දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා තව දුරටත් පැවසුවේය.
සමථ මූල මණ්ඩල මහනුවර දිස්ත්‍රික් සහභාපති මධ්‍යම පළාත් හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක, සමථ මණ්ඩලය මහනුවර දිස්ත්‍රික් සමථ පුහුණුකිරීමේ නිලධාරී සරත් ලක්සිරි මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවූහ.