ප්‍රවීණ රංගන ශිල්පිනි මාලනී ෆොන්සේකාගේ අවසන් කටයුතු සිදු වෙන්නේ මෙහෙමයි . හිරුණි ලක්ෂිකා ( වීඩියෝ සහිතයි )

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනි මාලනී ෆොන්සේකාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව අනිද්දා (මැයි 26) කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට නියමිතව තිබේ.

දේහයට මහජන ගෞරවය දැක්වීම සඳහා හෙට (මැයි 25) පෙරවරු 10:00 සිට ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ තරංගනී ශාලාවේදී තැන්පත් කරනු ඇත.

කලක් රෝගාතුරව සිටි මාලනී ෆොන්සේකා මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (මැයි 24) අලුයම අභාවප්‍රාප්ත වූවා ය.

මියයන විට 78 වන වියෙහි පසු වුණු ඇය 1947 අප්‍රියෙල් 30 කැළණියදී ලැබී ය.

1963 වසරේදී වේදිකා නාට්‍ය හරහා රංගනයට පිවිස මාලනී ෆොන්සේකා 1968 වසරේදී ‘පුංචි බබා’ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසියා ය.

අම්මාවරුනේ, නිධානය, ආරාධනා, බඹරු ඇවිත්, වෑකන්දේ වලව්ව වැනි විත්‍රපට මාලනී ෆොන්සේකා මහත්මියගේ රංගන කුසලතාව ප්‍රකට කළ විශිෂ්ඨ නිර්මාණ ලෙස සනිටුහන් වේ.

‘හෙළ සිනමාවේ නිළි රැජිණ’ ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා චිත්‍රපට 150කට අධික සංඛ්‍යාවක රඟපා, ජනප්‍රිය ම රංගන ශිල්පිනිය, හොඳ ම නිළිය ඇතුළුව ජනාධිපති, සරසවි, ඕ.සී.අයි.සී, සුමති වැනි සම්මාන රැසකින් ලබා ගත්තා ය.

2010 වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස දේශපාලනයට ද පිවිසි මාලනී ෆොන්සේකා මහත්මිය 2015 වසර වන තෙක් ජාතික ලයිස්තු මන්ත්‍රීවරියක ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කළා ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *