තුනක් ගැටී හයකට තුවාල – හිරුණි ලක්ෂිකා ( වීඩියෝ සහිතයි )

 

 

හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේදී වාහන තුනක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 06 දෙනෙකු තුවාල ලවා හලාවත මහ රෝහලට ඇතුලත් කර තිබේ . මෙලෙස තුවාල
ලබා ඇත්තේ මදුරන්කුලිය ග්‍රාමයේ පදිංචිකරුවන් පිරිසකි . 21 පෙරවරුවේ මේ පිරිස මදුරන්කුලියේ සිට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ
පැවැත්වෙන වැඩසටහනකට සම්බන්ධ වීම සදහා යමින් සිටියදී මේ අනතුර සිදුව තිබේ .

මේ වෑන් රථය හලාවත ඉනිගොඩවෙල දුම්රිය හරස් මාර්ගයේ නවතා තිබියදී පිටුපසින් පැමිණි කන්ටේනර් රථයක් වෑන් රථයේ පිටුපස ගැටී ඇති අතර පසුව වෑන් රථය ගොස්
ඉදිරියේ නවතා තිබු බවුසරයක ගැටී තිබේ . මේ හේතුවෙන් වෑන් රථයට බරපතල හානි සිදුව තිබේ .

මේ අනතුර සම්බන්ධයෙන් කන්ටේනර් රථයේ රියදුරු හා රථය හලාවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත .

හලාවත පොලිසියේ රථ වාහන අංශය වැඩි දුර පරීක්ෂණ පවත්වයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *