ELEVATE චිත්‍රපට ප්‍රදර්ශනය: රුහුණු විශ්ව විද්‍යාලයේ SRHR දැනුවත්භාවය වැඩිදියුණු කිරීම – රන්දී උෂාරා

ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සහ අයිතිවාසිකම් (SRHR) පිළිබඳව උපාධි අපේක්ෂකයින් දැනුවත් කිරීමේ මූලික ප්‍රවේශයක් වන්නේ අන්‍යෝන්‍ය අගය කිරීමේ වැදගත්කම දැනුවත් කිරීමය. එපමණක් නොව, සමස්තයක් ලෙස ශිෂ්‍ය ප්‍රජාව එකිනෙකාට සහයෝගය දැක්විය යුතු අතර සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වයන්ට එරෙහිව විරුද්ධත්වය ප්‍රකාශ කළ යුතුය. මන්ද එවැනි ක්‍රියාවන් සිසුන්ගේ ප්‍රගතියට සහ සංවර්ධනයට බාධා ඇති කරයි. සබඳතාවලදී, අන්‍යෝන්‍ය ගෞරවය අවදානමට ලක් වූ විට, එය අධ්‍යාපනයට, සමාජ ජීවිතයට සහ මානසික සෞඛ්‍යයට අහිතකර ලෙස බලපාන සමීප
සහකරු ප්‍රචණ්ඩත්වය ඇතුළු ප්‍රචණ්ඩත්වයට හේතු විය හැක. අනවශ්‍ය ගැබ්ගැනීම් වලදී,න්එහි බර කාන්තාවන් මත අසමාන ලෙස පටවනු ලබන අතර, එය ඔවුන්ගේ අනාගතයට අහිතකර ලෙස බලපායි. මෙම තේමාවන් ELEVATE ව්‍යාපෘතියේ සමාරම්භක චිත්‍රපට ප්‍රදර්ශනයට සමපාත විය.
ELEVATE ව්‍යාපෘතිය රාජ්‍ය විශ්වවිද්‍යාලවල කාන්තා චිත්‍රපට නිෂ්පාදකයින්ට SRHR සහ සයිබර් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය ආමන්ත්‍රණය කිරීම සඳහා මාධ්‍යයක් ලෙස ජංගම කෙටි චිත්‍රපට භාවිතා කිරීමට අභිප්‍රේරණය ලබා දෙයි. මාධ්‍ය සහ තොරතුරු සාක්ෂරතා මධ්‍යස්ථානය විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්ස භාවේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා වූ මධ්‍යස්ථානය සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘතිය මගින් කාන්තා චිත්‍රපට නිෂ්පාදකයින් 50 දෙනෙකු පුහුණු කර ඇති අතර ඔවුන් මෙම ගැටලු පිළිබඳව ආමන්ත්‍රණය කරන කෙටි චිත්‍රපට 25 ක් නිෂ්පාදනය කර ඇත.
2025 ජනවාරි මාසයේදී, රුහුණ විශ්ව විද්‍යාලයේ දී ELEVATE චිත්‍රපට ප්‍රදර්ශනය පැවැත්විණි. එහි අරමුණ වූයේ සිසුන්ගේ SRHR අයිතිවාසිකම් සහතික කරන සහ සයිබර් ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය ඵලදායී ලෙස ආමන්ත්‍රණය කරන ප්‍රතිපත්තිමය පරිසරයක් නිර්මාණය කිරීම පිළිබඳව තීරණාත්මක SRHRගැටළු ඉස්මතු කිරීම සහ සිසුන් සහ අධ්‍යාපනඥයින් අතර අර්ථවත් කතිකාවක් ඇති කිරීමයි. මෙම උත්සවය සඳහා රාජ්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව විසින් සම සත්කාරකත්වය දරන ලදී. ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති අයි.ආර්. ප්‍රියන්ත මහතා, විශ්වවිද්‍යාල තුළ ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ගැටළු විසඳීමේ වැදගත්කම අවධාරණය කළේය. ඔහු සඳහන් කළේ, “ප්‍රජාවක් ලෙස, අවාසනාවකට මෙන් පද්ධතිමය ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන කාන්තාවන් විසින් ඉටු කරනු ලබන ද්විත්ව සහ සමහර විට බහු භූමිකාවන් අප තේරුම් ගත යුතුය. මෙම චිත්‍රපට ප්‍රදර්ශන මෙම තීරණාත්මක ගැටළු පිළිබඳව දැනුවත් කිරීම සඳහා විශිෂ්ට වේදිකාවක් ලෙස සළසා දෙයි.” රුහුණු විශ්ව විද්‍යාලයේ විවිධ දෙපාර්තමේන්තු නියෝජනය කරමින් පූජ්‍ය ආචාර්ය මාකොළ මංගල, ආර්.එම්. විජේවර්ධන මහතා,
ආචාර්ය එස්.ජී.එස්. සමරවීර සහ ආචාර්ය ඉන්දි අකුරුගොඩ යන මහත්වරුන් සහභාගී වූ සම්භාවනීය සහභාගීවන්නන් අතරට එක්විය.
ආරක්ෂිත ගබ්සාව, සමීප සහකරු ප්‍රචණ්ඩත්වය, ඛඨඊඔූ පුද්ගලයින්ට ගරු කිරීම, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය, නවක වදය, චිත්තවේගීය ප්‍රචණ්ඩත්වය, ඔසප් අපකීර්තිය සහ ප්‍රමාණවත් නොවන සේදුම් පහසුකම් ඇතුළු ගැටළු රාශියක් ආමන්ත්‍රණය කරන ආකර්ෂණීය චිත්‍රපට 12ක් මෙම ප්‍රදර්ශනයට ඇතුළත් විය. මෙම චිත්‍රපට කලාත්මක ප්‍රකාශනයෙන් ඔබ්බට ගොස්, මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපතිවරයා සඳහන් කළ පරිදි, උපදේශනය සහ සමාජීය වෙනසක් සඳහා බලවත් මෙවලම් බවට පත්විය. සිය ප්‍රධාන දේශනයේදී, මහාචාර්ය ප්‍රභා මනුරත්න, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම්වූ ප්‍රචණ්ඩත්වය පිළිබඳ නිහඬතාවය බිඳ දැමීමේ හදිසි අවශ්‍යතාවය අවධාරණය කළාය. සිදුවීම් වාර්තා කිරීම සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ද්වාරය භාවිතා කිරීමට ඇය සිසුන් දිරිමත් කළ අතර විශ්ව විද්‍යාල තුළ සමාජ ආධාරක පද්ධතිවල වැදගත්කම ඉස්මතු කළාය. “ඕනෑම ආකාරයක ප්‍රචණ්ඩත්වයක්, එය නොබැඳි හෝ මාර්ගගතව වාර්තා කිරීමට සිසුන්ට ධෛර්යයක් තිබිය යුතුය. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඕනෑම ආකාරයක GBV ආමන්ත්‍රණය කිරීමට හදිසි හා බැරෑරුම්
හැඟීමකින් කැපවී සිටී. එබැවින්, UGC හි ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා වූ මධ්‍යස්ථානයේ අපට අවශ්‍යතා ඇති සිසුන්ට සහාය විය හැකි වන පරිදි, සිසුන් පැමිණිලි කිරීමට සහ ඔවුන්ගේ අත්දැකීම් අප සමඟ බෙදා ගැනීමට නිදහස් විය යුතුය. එසේම, විශ්ව විද්‍යාලය තුළ සිටින සෑම සිසුවෙකුටම ස්වාධීන විය යුතු අතර ඔවුන්ගේ සබඳතාවලදී එකිනෙකාට ගරු කිරීමට සහ සෑම කෙනෙකුම ගෙන එන විවිධත්වයට
ගරු කිරීමට හැකියාව තිබිය යුතුය. උසස් සහ පහත් අය නැත. සෑම කෙනෙකුම සමාන ය. එබැවින්, SRHR ගැටළු විසඳීම සඳහා ගෞරවනීය සබඳතා සහ විවිධත්වයට ගරු කිරීම අතිශයින් වැදගත් වේ.“
පළමු සාකච්ඡාවේදී සැසියේදී, ශිෂ්‍ය චිත්‍රපට නිෂ්පාදකයින් ඔවුන්ගේ අත්දැකීම් සහ අවබෝධය බෙදා ගත්හ. රුහුණු විශ්ව විද්‍යාලයේ චමෝදි ජයකොඩි, ශ්‍රී ලංකාවේ ගබ්සා නීතිවල සීමිත ස්වභාවය, විශේෂයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 303 වන වගන්තිය, ආරක්ෂිත සහ නීත්‍යානුකූල ගබ්සා සේවා සඳහා ප්‍රවේශය සීමා කර ඇති බව පිළිබඳව අදහස් දක්වන ලදී. කැලණිය විශ්ව විද්‍යාලයේ මධුවන්ති දේශප්‍රිය, සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම සහ විශ්ව විද්‍යාල තුළ ඔසප් සංවාද සාමාන්‍යකරණය කිරීම වෙනුවෙන් පෙනී සිටියේය. සහශ්‍රිකා දයානන්ද, සයිබර් ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම්වූ ප්‍රචණ්ඩත්වයේ අන්තරායන් සහ අපරාධකරුවන් වැළැක්වීම සඳහා දැඩි රෙගුලාසි වල අවශ්‍යතාවය අවධාරණය කළාය. රෂිනි කාංචිමා චන්ද්‍රසිරි, විශ්ව විද්‍යාල නවක වධයේ චිත්තවේගීය හානිය සාකච්ඡා කළ අතර, සිසුන්ගේ මානසික සෞඛ්‍යයට එහි ගැඹුරු බලපෑම පිළිබඳව සිය අදහස් දක්වන ලදී. ඔවුන්ගේ කෙටි චිත්‍රපට ප්‍රතිපත්ති, සංස්කෘතිය සහ පුද්ගල අයිතිවාසිකම්වල ඒකාබද්ධතාවය පිළිබදව දක්වන ලදී.
ප්‍රේක්ෂක ප්‍රතිචාර මගින් මෙම චිත්‍රපටවල පරිවර්තනීය විභවය අවධාරණය කෙරිණි. කථිකාචාර්ය රඛිත මාරියෝ විජේවර්ධන නිරීක්ෂණය කළේ මෙම චිත්‍රපට සංවාද සඳහා නව මංපෙත් විවර කළ බවයි,විශේෂයෙන් විෂ සහිත පුරුෂාධිපත්‍යය සහ සබඳතා සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය කෙරෙහි එහි බලපෑම පිළිබඳව පිරිමි ළමයින් දැනුවත් කිරීම පිළිබඳව. මෙය ස්ත්‍රී පුරුෂ භාවයට සංවේදී අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමේ සහ සමාජ සම්මතයන් නැවත සකස් කිරීමේ හදිසි අවශ්‍යතාව ඉස්මතු කළේය.
දෙවන ව්ද්වත් සාකච්ඡාවේදී, අධ්‍යයන හා නීති විශේෂඥයින් ඇතුළත් වූ අතර ඔවුන් පද්ධතිමය අභියෝග සහ විභව විසඳුම් පිළිබඳව සොයා බැලීය.ප්‍රචණ්ඩත්වයට එරෙහිව කතා කිරීමට සිසුන් බල ගැන්වීමේ වැදගත්කම ආචාර්ය ඉන්දි අකුරුගොඩ අවධාරණය කළ අතර SRHR දැනුවත්භාවයේ හිඩැස් ඉස්මතු කළේය. ශරීර අයිතිවාසිකම් සහ කැමැත්ත පිළිබඳව පිරිමි ළමයින් හා ගැහැණු ළමයින් දැනුවත් කිරීමෙන් සෞඛ්‍ය සම්පන්න සබඳතා වර්ධනය කිරීමට සහ සයිබර් ප්‍රචණ්ඩත්වයට විසඳුම් සෙවීමට අධ්‍යාපන ආයතනවලට ඇය ඉල්ලා සිටියාය. ලිංගික හා ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූවන් සිදුවීම් වාර්තා කිරීමෙන් අධෛර්යමත් කරන වින්දිතයින්ට දොස් පැවරීමේ පැතිරුණු සංස්කෘතිය ආචාර්ය නිසංක ආරියරත්න විවේචනය කළාය. ශ්‍රී ලංකා සමාජයේ විවිධ යථාර්ථයන් සලකා බැලීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින් ගබ්සාව සහ ඛඨඊඔූ අයිතිවාසිකම් වැනි ගැටළු විසඳීම සඳහා ඇතුළත් නීති ප්‍රතිසංස්කරණ සඳහා ඇය පෙනී සිටියාය. නීතිඥවරියක් සහ කථිකාචාර්යවරියක් වන නිරෝෂා රුවන්පතිරණ මහත්මිය, ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය සහ SRHR ගැටළු විසඳීමේදී පිරිමි උපාධිධාරීන්ගේ කාර්යභාරය අවධාරණය කළාය. විශ්ව විද්‍යාල තුළ ප්‍රවේශ විය හැකි සහාය පද්ධතිවල අවශ්‍යතාවය ඇය අවධාරණය කළ අතර, වින්දිතයින්ට දොස් පැවරීම බොහෝ විට
කාන්තා ශිෂ්‍යාවන් උපකාර පැතීමෙන් වළක්වන බව සඳහන් කළාය. ආරක්ෂිත ගබ්සාව සහ ලිංගික ප්‍රචණ්ඩත්වය වැනි ගැටළු විසඳීමේදී ආබාධිත පුද්ගලයින්, අවදානමට ලක්විය හැකි ජනගහනය සහ LGBTQ පුද්ගලයින් ඇතුළු ආන්තික කණ්ඩායම්වලට පහසුකම් සැලසීමට නීතිමය රාමුව අසමත් වීම ද ඇය විවේචනය කළාය. ගෞරවනීය සබඳතා,පවුල් ගතිකත්වය සහ ලිංගික හිංසනය වාර්තා කිරීමේ වැදගත්කම වැනි තීරණාත්මක මාතෘකා ආමන්ත්‍රණය කිරීම සඳහා චිත්‍රපට සඳහා කථිකාචාර්ය ඉෂාරා වන්නිආරච්චි මහත්මිය ප්‍රශංසා කළාය. විශ්ව විද්‍යාලවලින් ශක්තිමත් මානසික සෞඛ්‍ය
ආධාරක පද්ධති ක්‍රියාත්මක කරන ලෙසත්, සංවාදය සහ අවබෝධය වර්ධනය කිරීම සඳහා මෙම චිත්‍රපට අධ්‍යයන විෂයමාලාවලට ඒකාබද්ධ කරන ලෙසත් ඇය ඉල්ලා සිටියාය.“විශ්ව විද්‍යාල ගැහැණු ළමයින් සහ අනෙකුත් තරුණියන් මුහුණ දෙන සැබෑ අභියෝග මෙම චිත්‍රපට මගින් විචිත්‍රවත් ලෙස ග්‍රහණය කර ගන්නා අතර, පවුල, ලිංගිකත්වය සහ ගෞරවනීය සබඳතාවල වැදගත්කම පිළිබඳව මෙනෙහි කිරීමට අපව යොමු කරයි.” ඇය සඳහන් කළාය.
ELEVATE හි තාක්ෂණික හවුල්කරු වන Futureworld Sri Lanka, SRHR සහ CGBV පිළිබඳ උපදේශන උත්සාහයන් සඳහා ස්ථිර සහයෝගයක් ලබා දී ඇත.මෙම තීරණාත්මක සංවාද පුළුල් කිරීමට ඔවුන් දක්වන කැපවීම සමාජ වෙනසක් ඇති කිරීමේදී තාක්ෂණයේ බලය අවධාරණය කරයි. FutureWorld හි සාමාන්‍යාධිකාරී රමේෂ් ද සිල්වා, ශ්‍රවණාගාරයෙන් ඔබ්බට මෙම බලගතු පණිවිඩ පතුරුවා හැරීමේ වැදගත්කම අවධාරණය කරමින්, “අපි, ආයතනික අංශයේ පුද්ගලයින් ලෙස, මෙම සිදුවීමේ වැදගත්කම දැනෙනවා. මම මෙම චිත්‍රපට කිහිප වතාවක් දැක තිබෙනවා. නමුත් අපි
මෙම චිත්‍රපට දකින සෑම අවස්ථාවකම, අපි අලුත් දෙයක් ඉගෙන ගන්නවා. සිසුන්ට ඔවුන්ගේ අධ්‍යාපාන කටයුතු වලදී ආරක්ෂිතව සහ සුවපහසුව ලබා දීමට සහාය වීමේ වගකීමක් අපට ඇති බව අපට හැඟේ. අපි බොහෝ දේ ඉගෙන ගෙන ඇති අතර, මෙම චිත්‍රපට අපගේම පරිවර්තනයට ද උපකාරී වී ඇත.“