නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ ප්‍රධානත්වයෙන් තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුගෙන් යුක්තව මෙම විශේෂ කමිටුවක් පත්කර ඇත.

මෙම කමිටුව මගින් අනතුරට හේතු වූ කරුණු සම්බන්ධයෙන් මූලික පැතිකඩයන් කිහිපයක් ආවරණය වන පරිදි විමර්ශන සිදු කිරීමට නියමිත අතර ඉදිරියේදී මෙවැනි අනතුරු වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසියට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන ලෙස ද වැඩබලන පොලිස්පති විසින් දනුවනු ලැබ තිබේ.

ගැරඬිඇල්ල ප්‍රදේශයේදී කතරගම සිට කුරුණෑගල දක්වා ධාවනය වූ බස් රථයක් මැයි 11 වන දා අලුයම අනතුරට පත්වීමෙන් පුද්ගලයින් විසි දෙදෙනෙක් ජිවිතක්ෂයට පත් විය.