රම්බොඩ අනතුරින් මියගිය ගණන 21 දක්වා ඉහලට – හිරුනි ලක්ෂිකා (වීඩියෝ සහිතයි )

රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් පුද්ගලයින් 21 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තිබේ.
අපි සිදු කළ විමසීමකදී පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ බව සඳහන් කළේ ය.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, පිරිමි පුද්ගලයන් 16 දෙනෙකු සහ ගැහැණු පුද්ගලයන් 05 දෙනෙකු මෙලෙස ජිවිතක්ෂයට පත්වී ඇති බව ය.
එමෙන් ම, මෙම අනතුරින් තවත් 40කට අධික පිරිසක් තුවාල ලබා කොත්මලේ ප්‍රාදේශීය රෝහලට සහ නුවරඑළිය මහ රෝහල සහ නාවලපිටිය රෝහලට ඇතුළත් කර ඇත.
අප සිදු කළ විමසීමකදී කොත්මලේ පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවේ, බොහෝ තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ බව ය.
මරණකරුවන්ගේ අනන්‍යතාව තවම තහවුරු කර ගෙන නොමැති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.
මේ පිළිබඳව කොත්මලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.