චාමර සම්පත් දසනායක යළි රිමාන්ඩ් – නිශාන්ත අබේගුණවර්ධන

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මැයි 5 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, ඔහු අද (අප්‍රේල් 21) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර එහිදී මෙම නියෝගය ලබා දී ඇත.

2016 වසරේ ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන සමයේ සිදුවූ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ‍ඔහුට‍ එරෙහිව මෙම නඩුව ගොනු කරනු ලැබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *