රාගල ටි.බි.එම් හේරත් ජාතික පාසලේ අභ්‍යන්තර සන්නිවේදන පද්ධතිය සිසු අයිතියට – නුවරඑළිය චන්දන තිලක් ද සිල්වා

රාගල ටි.බි.එම් හේරත් ජාතික පාසලේ අභ්‍යන්තර සන්නිවේදන පද්ධතිය සිසු අයිතියට පත් කිරීම පසුගියදා සිදු කැරිණි . පාසලට විශාල අඩුපාඩුවක්ව පැවති මෙම අභ්‍යන්තර සන්නිවේදන පද්ධතිය නිර්මාණය කිරිම සදහා අවශ්‍ය තාක්ෂණික දැනුම මෙන්ම මෘදුකංගය නිර්මාණය කිරිම බි.එච්.ඒ.සි.සදරුවන් ගුරුමහතා විසින් සිදු කොට ඇත .පාසලේ උසස්පෙළ තාක්ෂණික අංශයේ දරුවන් සහ සාමාන්‍ය පෙළ දරුවන් විසින් මෙම අභ්‍යන්තර සන්නිවේදන පද්ධතිය ස්ථාපනය කරන කොට ඇත. එක් එක් පන්තිකාමරයන් සදහා වෙන් වෙන් වශයෙන්ඇමතිමේ පහසුකම් මෙන්ම ස්මාර්ට් පන්ති කාමර තුල ගුරුවරයෙකු නොමැති අවස්තාවක අදාල පැවැරුම් කාර්යාලයේ සිට යොමු කිරිමේ හැකියාවද මෙම සන්නිවේදන පද්ධතිය සතුව පවති.මේ සදහා මුල්‍ය දායකත්වය විද්‍යාලයේ ආදි ශිෂයෙකු වන නිහාල් සමින්ද මහතා විසින් ලබා දි ඇත..
මෙම සන්නිවේදන පද්ධතිය සිසු අයිතියට පත් කිරිම වලපනේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ඩි.එම්.එම්.පි.දිසානායක මහත්මිය විසින් සිදු කරන ලදි මෙම අවස්තාවට විද්‍යාලයේ විදුහල්ප එස්.ලි කුලසෙකර.නියොජ්‍ය විදුහල්පතිවරුන් වන එස්.බි.ඒ.එම්.එම්.ඒ.එම්.කුලසිංහ.පේ.එම්.වි ජයසුන්දර යන මහත්ම මහත්මින්. ඇතුලු පිරිසක් එක්ව සිටියහ.