සිරි දළදා දැක්ම  වෙනුවෙන් මහනුවර පාසැල් 50 ක් දින  පහක් වැසෙයි – මොහොමඩ් ආසික්

අප්‍රේල් මස 18 වනදා සිට 27 වනදා දක්වා මහනුවරදී  පැවැත්වෙන ඓතිහාසික සිරි දළඳා දැක්ම වෙනුවෙන් මහනුවර නගරයට ආසන්න පාසැල් 50 ක් අප්‍රේල් මස 21 වනදා සිට 25 වනදා දක්වා වසා තැබීමට තීරණය කර ඇති බව මධ්‍යම පළාත්අධ්‍යාපන දෙපාර්තමේන්තුව කියයි.

සිරි දළඳා දැක්මේ ආරක්ෂක කටයුතු සඳහා පැමිණෙන ආරක්ෂ අංශ නිලධාරින් සඳහා නවාතැන් පහසුකම් සැපයීම වෙනුවෙන් මෙම පාසැල් යොදා ගැනීමට නියමිතව තිබේ.

ඒ අනුව 2025. 04.21 වනදා සිට 25 වනදා දක්වා වසා තැබෙන පාසැල් මෙසේය

ගුරුදෙණිය මහා විද්‍යාලය,තැන්නේකුඹුර විද්‍යා ලෝක විද්‍යාලය, ධර්මරාජ විද්‍යාලය, ඩී.එස්.සේනානායක මහා විද්‍යාලය, මහාමායා බාලිකා  විද්‍යාලය,බෙරවස්ට් විද්‍යාලය, බෙරවස්ට් ප්‍රාථමික විද්‍යාලය, අම්පිටිය සිද්ධාර්ථ විද්‍යාලය, දඹවෙල කණිෂ්ඨ විද්‍යාලය,  ගෝතමී  බාලිකා විද්‍යාලය, කටුගස්තොට  ශ්‍රී රාහුල ජාතික පාසැල, ශාන්ත අන්තෝනි පිරිමි විද්‍යාලය,ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය, විද්‍යාර්ථ විද්‍යාලය,  තක්ෂිලා  විද්‍යාලය,හේමමාලි බාලිකා විද්‍යාලය, ශාන්තා සිල්වෙස්තර් විදුහල, වාරියපොල ශ්‍රී සුමංගල විද්‍යාලය, විවේකානන්ද විද්‍යාලය, පුෂ්පදාන බාලිකා විද්‍යාලය,යහපත් එඩේරාගේ කන්‍යාරාමය, හින්දු ජ්‍යෙෂ්ඨ විද්‍යාලය, මද්දුම බණ්ඩාර විද්‍යාලය, විහාර මහා දේවි  විද්‍යාලය, උසස් බාලිකා විද්‍යාලය, ස්වර්ණමාලි බාලිකා විද්‍යාලය, සිද්ධි ලෙබ්බේ මහා විද්‍යාලය, ධර්මවික්‍රම බාලිකා විද්‍යාලය, සීතාදේවි බාලිකා විද්‍යාලය, කිංස්වුඩ් විදුහල, මහානාම මහා විදුහල, රණබිම රාජකීය විද්‍යාලය, සරසවි උයන මහා විද්‍යාලය, පේරාදෙණිය මධ්‍ය  මහා විද්‍යාලය, පේරාදෙණිය කණිෂ්ඨ ද්විතියික විද්‍යාලය, පේරාදෙණිය හින්දු විද්‍යාලය, ලුම්බිණි රාජකීය විද්‍යාලය, විමලබුද්ධි විද්‍යාලය, රාසිංදෙව් විදුහල, සෙංකඩගල වීරෝධාර විද්‍යාලය, ධර්මාශෝක විද්‍යාලය, සංඝමිත්තා විදුහල, කැප්පෙටිපොල විද්‍යාලය, බද්යුදීන් බාලිකා විද්‍යාලය, මහවැලි උයන මහා විද්‍යාලය, මහනුවර ආදර්ශ විද්‍යාලය, සමුද්‍රදේවි බාලිකා විද්‍යාලය, ඊරියගම පුෂ්පදාන මහ විද්‍යාලය,  සහ ගන්නෝරුව කණිෂ්ඨ විද්‍යාලය යන පාසැල් මෙලෙස වසා තැබීමට තීරණය කර තිබේ. මෙම පාසැල් වසා තැබීම හේතුවෙන් අතපසු වන පාසැල් කාලය  අප්‍රේල් මස 28 වනදා සිට සෑම දිනකම පැයක අතිරේක කාලයක් පාසැල් පැවැත්වීමෙන් සම්පූර්ණය කර ගැනීමට කටයුතු කරන බවත්  පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *