ශ්‍රීපා කෝකිල වසන්තය -චන්දන ජයවීර – හැටන්

සිංහල දෙමළ අලුත් අවුරුද්ද සමරමින් පැවැත්වු “ශ්‍රී පා කෝකිල වසන්තය” බක්මහ උත්සවය හැටන් ශ්‍රී පාද විද්‍යාලීය ක්‍රිඩා පිටියේ දි පැවැත්වින.
සිංහල හා දමිළ ජනතාව විසින් අවුරුදු චාරිත්‍ර ඉටු කිරිම ,ජන ක්‍රිඩා හා විචිත්‍රවත් නර්තන මෙන්ම අවුරුදු කුමරා හා කුමරිය තේරිම ඇතුළු ක්‍රියා ඉසව් 20
ක් පමණ ඊට ඇතුළත් විය.
2026 අපොස උසස් පෙල කණ්ඩායම විසින් උසස් පෙළ විෂය ධාරාවට අනුව ව්‍යාපෘතියක් ලෙස මෙම බක්මහ උළේල 12 ශ්‍රේණියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් සංවිධානය කර තිබින.
මනා සැලසුමකට අනුව මෙම අවුරුදු උත්සවය සංවිධානය කර තිබු අතර සිංහල අවුරුදු නැකත් චාරිත්‍ර පාසල් සිසුන් තුලට අවබෝධාත්මකව සමීප කරවිම මෙහි අරමුණ වි තිබින.
එම අවස්ථාව ට හැටන් අධ්‍යාපන කලාපයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ආර් .විජේන්ද්‍රන් .පාසලේ විදුහල්පති හා ආචාර්ය මණ්ඩලය ,දෙමාපියන් එක්ව සිටියහ.