පොලිස් තාක්ෂණ කොට්ඨාශයේ දායකත්වයෙන් දළදා වන්දනාවට පහසුකම් රැසක් – නදීක දයා බණ්ඩාර

වාහන ගාල් කිරීම, පොලිම්වල දිග ඇතුලුව සිරි දළදා වන්දනාවට පැමිණෙන සැදැහැවතුන් සඳහා අවශ්‍ය තොරතුරු රැසක් www.police.lk වෙබ් පිටුවේ සිරි දළදා වන්දනා කොටස තුළ අන්තර් ගත කොට ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසයි.
දළදා වන්දනාව සඳහා මහනුවරට පැමිණෙන සැදැහැවතුන්ගේ පහසුව සඳහා පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාශයේ මෙහෙයවීම මත මෙම තාක්ෂණික සේවාව සපයා ඇතැයි ඒ මහතා කීවේය.
මෙම වෙබ් පිටුව තුළ සැහැදැවතුන් රැදි සිටින පොල්ම්වල දිග, වාහන ගාල් තුළ තවත් වාහන කොපමණ ප්‍රමාණයක් ගාල් කිරීමට ඉඩ පවතී ද, පොලිසියෙන් නිකුත් කරන විශේෂ නිවේදන, දළදා දැක්ම කාල සටහන්, පොලීිසිය කඩිනමින් සම්බන්ධ කර ගත හැකි දුරකථන හා වට්ස්ඇප් අංක යනාදිය අන්තර්ගත යැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.
ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ මහනුවර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
නිතරන්තරයෙන් මෙම වෙබ් පිටුව යාවත්කාලීන කරන බවත් එබැවින් මහනුවරට පැමිණෙන සැදැහැවතුන් පෝලිම් සඳහා එක්වීමට ප්‍රථමයෙන් පිටුව පරිශීලනය කිරීම වඩා සුදුසු යැයි ඒ මහතා කීවේය.
මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ, මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක, පොලිස් අධිකාරි ඩී.පී.ඩී ඉලංගකෝන් යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.