‘අවුරුදු මේසයේ වියදම 7%කින් වැඩි වෙලා’- වෙරිටේ රිසර්ච්

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සඳහා සාම්ප්‍රදායික කැවිලි මේසයක් පිළියෙල කිරීමේ වියදම 2024ට සාපේක්ෂව මෙම වසරේදී 7%කින් වැඩි වී ඇති බව ‘වෙරිටේ රිසර්ච්’ ආයතනයේ අලුත් සමීක්ෂණයකින් සොයාගෙන ඇත.
මෙම වැඩි වීමට මූලික වශයෙන් හේතු වී ඇත්තේ, පොල් මිල ඉහළ යෑම බව ‘වෙරිටේ රිසර්ච්’ කියයි.
පසුගිය 2024 වසරට සාපේක්ෂව මේ වසරේ පොල් මිල සියයට 80ක වැඩි වීමක් සිදුවී තිබේ. ඒ අනුව, අවුරුදු කෑම මේසයක් පිළියෙල කිරීමේදී දැරීමට සිදුවන මිල වැඩි වී ඇති බව කියයි.
එහි ප්‍රතිඵලයක් ලෙස පොල්තෙල් මිල 40%කින් ඉහළ ගොස් ඇති බව ත් වෙනත් බොහෝ අමුද්‍රව්‍යවල මිල අඩු වී හෝ නොවෙනස්ව තිබී ඇති බව ත් ‘වෙරිටේ’ ආයතනය කියයි.
කෙසේ වෙතත්, අවුරුදු කෑම මේසයේ වියදම 2019දී දරන ලද වියදම මෙන් දෙගුණයකටත් වඩා ඉහළ මට්ටමක පවතින බව වෙරිටේ කියයි.
කැවිලි මේසයක පොදු අංග අතරට කිරිබත්, කොකිස්, කෙසෙල්, අළුවා, කැවුම්, දොදොල්, මුං කැවුම් සහ බටර් කේක් ඇතුළත් වේ.
මෙම ‘වෙරිටේ රිසර්ච්’ විශ්ලේෂණය සඳහා පුද්ගලයන් 4කින් 5කින් යුත් නිවසක් සඳහා යූ ටියුබ් නාළිකාව වන ‘අපේ අම්මා’හි වට්ටෝරු මත පදනම් වූ අමුද්‍රව්‍ය ප්‍රමාණ භාවිත කරන ලදී.
කුළුබඩු සමග විදුලිය සහ ගෑස් වැනි උපයෝගිතා සඳහා වූ පිරිවැය මෙම ගණනය කිරීම්වලදී සැලකිල්ලට ගෙන නැත.
ආර්ථිකය පිළිබඳ තොරතුරු සහ විශ්ලේෂණ සපයන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වේදිකාව වන “පබ්ලික් ෆයිනෑන්ස්” – PublicFinance.lk හි අධ්‍යයනයකින් මෙම කරුණු අනාවරණය වී ඇත. PublicFinance.lk පවත්වාගෙන යන්නේ ‘වෙරිටේ රිසර්ච්’ ආයතනයයි.