කෝටි 1,700ට වඩා වටින අයිස්, හෙරොයින් කිලෝ 862ක් අල්ලයි: ‘දකුණේ ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු ගෙන්වූ බවට සැක’

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී සෝදිසි කරන ලද බහුදින ධීවර යාත්‍රාවක තිබී රුපියල් කෝටි 1,700කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.
එම තොගය තුළ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 67යි ග්‍රෑම් 452ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 191යි ග්‍රෑම් 752ක් තිබී ඇත.
මෙම මත්ද්‍රව්‍ය තොගය සමඟ සැකකරුවන් 07 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස වයස අවුරුදු 20ත් 58ත් අතර වයස්වල පසුවන හික්කඩුව, අහුන්ගල්ල, බේරුවල, ගෝනාපීනුවල සහ අළුවල ප්‍රදේශවල පදිංචිකරුවෝ ය.
මෙම මත්ද්‍රව්‍ය සහිත බහුදින ධීවර යාත්‍රාව පසුගිය සෙනසුරාදා අත්අඩංගුවට ගෙන ඇති අතර දික්ඕවිට බටහිර කොළඹ වරායට රැගෙන ඒමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දී ඇත.
මෙම මත්ද්‍රව්‍ය තොගය දික්ඕවිට වරායට ගෙන ඒමෙන් පසු පසුගිය සෙනසුරාදා පෙරවරුවේ නාවික හමුදාපතිවරයා එය නිරීක්ෂණය කළේ ය.