හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරියට බරපතළ වැඩ සහිත සිරදඬුවම් – හිරුණි ලක්ෂිකා

උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේනට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර 16 බැගින් සිර දඬුවම් නියම කරනු ලැබ තිබේ.

එමෙන් ම, විත්තිකරුවන්ට රුපියල් ලක්ෂ දෙක බැගින් දඩ ද නියම කර ඇත.

උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ නීතියට පටහැනි ලෙස ඉන්ධන දීමනා ලෙස රුපියල් 2,080,500ක් ලබා ගැනීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් මොවුන්ට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව මගින් මෙම නඩුව ගොනු කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *