නිතිපති උපෙදස් අනුව තලවාකැලේ සමුපකාර සමිතිය විසුරුවයිි – චන්දන ජයවීර හැටන්

නිසි පරිදි වත්කම් බැරකම් ප්‍රකාශ ලබානොදීම හේතුවෙන්, නීතිපති උපදෙස් අනුව, සීමාසහිත නව තලවකැලේ විවිධසේවා සමුපකාර සමිතියේ සභාපති ඇතුලු අධ්‍යක්ෂ මණ්ඩලය විසිරුවා හැර තිදෙනෙකුගෙන් යුත් පාලක මණ්ඩලයක් පත් කළ බව මධ්‍යම පළාතේ සමුපකාර සංවර්ධන කොමසාරිස් චමිලා විජේරත්න මහත්මිය පවසයි. ඊට අමතරව සමුපකාර සමිතිය හා ඒ යටතේ පාලනය වෙන ග්‍රාමීය බැංකු වල සිදුව ඇති මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන්, ලැබි ඇති පැමිණිලි අනුව, මධ්‍යම පළාත් සමුපකාර දෙපාර්තමේන්තුවේ විශේෂ පරික්ෂණ කණ්ඩායමක් විසින් තමන්ට සිදුකල හැකි ඉහළම පරික්ෂණය වන, 46(1) පරික්ෂණයක් මේ වන විට ආරම්භ කර ඇති බවත්, සමුපකාර සංවර්ධන කොමසාරිස්වරිය කියයි. සීමාසහිත නව තලවකැලේ විවිධසේවා සමුපකාර සමිතිය හා ඒ යටතේ පාලනය වෙන ග්‍රාමීය බැංකුහී දිර්ඝ කාලයක සිට සිදුවන විවිධ මුදල් අක්‍රමිකතා හා දූෂණ සම්බන්ධයෙන් පැමිණිලි රාශියක් ලැබි තිබු අතර අවස්ථා ගණනාවකදි මාධ්‍ය මගින්ද එම තොරතුරු හෙළිදරව් කරන ලදි. මීට පෙර අවස්ථාවකදීද මධ්‍යම පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් වරයාගේ උපදෙස් මත 46(1) පරික්ෂණයක් සිදුකොට නිර්දේශ ඉදිරිපත් කළද, සීමාසහිත නව තලවකැලේ විවිධසේවා සමුපකාර සමිතිය ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි. අදාල දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් විවිධ පාර්ශව විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව හා විගණකාධිපති දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් අප සමුපකාර සංවර්ධන කොමසාරිස් චමිලා විජේරත්න මහත්මියගෙන් විමසීමේදි කියා සිටියේ, ස්වාධින ආයතන ලෙස ඔවුන් එම පරික්ෂණ සිදුකරන බවත්, එය තමන්ට ගැටළුවක් නොවන බවයි. ඊට අමතරව තම සමුපකාර දෙපාර්තමේන්තුව විසින් අලාභ අය කර ගැනීම සඳහා වෙනමම පරික්ෂණයක් සිදු කරන බවත්, දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශණය කරනු ලබන වෙනත් ආයතන, තමන් කැඳවා විමසීමක් කලහොත් අදාල තත්ත්වය සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන බවත් චමිලා විජේරත්න මහත්මිය වැඩිදුරටත් කියා සිටියි.