වියලි කාලගුණය හේතුවෙන් පවුල් 4100 පිඩාවට – චන්දන ජයවීර

මධ්‍යම කදුකරෙය් බටහිර බැවුම් ප්‍රාදේශයට මේ දිනවල පවතින දැඩි වියලි කාලගුණය හේතුවෙන් හැටන් නගරය හා ඒ ආශ්‍රිත ගම්මාන රැසක් සදහා පානීය ජලය සැපයීම විශාල ගැටළුවක් බවට පත්ව ඇති බවත් බෙදා හරින ජලය වඩාත් අරපිරිමැස්මෙන් පරිහරණය කරන ලෙස ජාතික ජලසම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ හැටන් මධ්‍යස්ථානයේ ස්ථන බාර නිලධාරි වරයා පවසයී.
හැටන් නගරයේ ජල පාරිභෝගික පවුල් 4100 පමණ වන අතර දෛනිකව බෙදාහරින ජල ප්‍රමාණය ජල ඝන මීටර් 3400 පමණය.
එම ජල ප්‍රමාණය සපුරා ගනු ලබන්නේ සිංගිමලේ රක්ෂිතයේ පිහිටි ස්වභාවික ජල උල්පත් වලින් ජල තටාකය වෙත රැස් කර ගන්නා හා ඉන්වරි ජල මුලාශ්‍රයෙන් ලබා ගන්නා ජලයෙනි.
සිංගිමලේ රක්ෂිත ජල මුලාශ්‍ර වියලීයාමත් සමග එම තටාකයේ ජලය සීග්‍රයෙන් පහත බැස තිබේ.එහි ජල ප්‍රමාණය අඩි 4 ක් දක්වා පහත බැස ඇති අතර ඉන්වරි ජල මුලාශ්‍රයෙන් ලැබෙන ජල ප්‍රමාණය ද හීන වී තිබේ.එම තත්ත්වය හමුවේ ජලය බෙදා හැරීම ගැටළුකාරි බැවින් හැකි තරම් අරපිරිමැස්මෙන් ජලය පරිහරණය කරන ලෙසත් ජලය ලැබෙන කාලවකවානු වල දී එක්රැස් කර ගැනීමට කටයුතු කරන ලෙසත් ජල පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටි.
පවතින වියලි කාලගුණය ඉදිරියටත් පැවතියහොත් හැටන් ,දික්ඔය හා කොටගල යන හැටන් පාරිභෝගික මධ්‍යස්ථානයට අයත් ප්‍රාදේයේ වු ගම්මාන කලාප වශයෙන් වෙන් කර දිනක් හැර දිනක් ජලය බෙදාහැරීම ට කටයුතු කරන බවද පාරිභෝගික ජනතාව වෙත දන්වා සිටියි.