ඉදිරි උපසම්පදාව සම්බන්ධයෙන් අස්ගිරි පාර්ශවයෙන් පණිඩුවයක් නදීක දයා බණ්ඩාර – මහනුවර

 

 

සියම් මහ නිකායේ අස්ගිරි හා මල්වතු පාර්ශවයේ වාර්ෂික උපසම්පදා විනය කර්මය සිරිත් පරිදි මැයි මස 12 වන වෙසක් පෝය දින සිට ජූනි මස 10 දින පොසෝන් පෝය දින දක්වා එම මහා විහාරයන්හී මංගල උපෝෂථාගාරවල පැවැත්වෙන බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි පවසති.

සිරිත් පරිදි වාර්ෂීකව පැවැත්වෙන මෙම විනය කර්මය සිදු කර ගැනීමට අපේක්ෂා කරන සාමනේර හිමිවරුන් මෙම මස තුළදි ඒ සඳහා ඉල්ලුම් කරන ලෙස ද ලේඛකාධිකාරී හිමියන් තව දුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *