සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය ගැන තොරතුරක් දුන්නොත් ලක්ෂ 12ක මුදල් ත්‍යාගයක්

ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැඟව සිටින ප්‍රධාන සැකකාර කාන්තාව වන පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීම සඳහා සාර්ථක තොරතුරක් ලබා දෙන අයෙකුට රුපියල් ලක්ෂ 12ක මුදල් ත්‍යාගයක් ලබා දෙන බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳව සඳහන් කළේ ය.

තොරතුරු ලබා දිය හැකි දුරකතන අංක පහතින් දැක්වේ.

  • අධ්‍යක්ෂ, කොළඹ අපරාධ කොට්ඨාසය – 071-8591727
  • ස්ථානාධිපති, කොළඹ අපරාධ කොට්ඨාසය – 071-8591735

එමෙන් ම තොරතුරු ලබා දෙන අයගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරනු ඇත.

අලුත්කඩේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණය තුළදී සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ගණේමුල්ල සංජීව යන අය වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරුට ආධාර අනුබල ලබා දුන් ප්‍රධාන සැකකාර කාන්තාව වන පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි නැමති වයස අවුරුදු 25 ක් වන තැනැත්තිය අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *