තේ නෙලන්නියන් අගයමින් කිරුළ පලන්දයී. – චන්දන ජයවීර හැටන්.

තේ යනු මෙරට ප්රධාන අපනයන බෝගයක් වුවද වර්තමානයේ මහා පරිමානයේ තේ කර්මාන්කය පවත්වාගෙන යාම අර්බුදයක් බවට පත්වෙමින් තිබේ.ඒ සේවකයින් සම්බන්ධයෙන් අඩුවක් ඇතිවෙමින් තිබෙන නිසාය.
ඒ තත්ත්වය ඇතිවීමට විවිධ හේතු ඉවහල් වී තිබේ.ඒ අතර තේ වතු ආශ්රිත සේවය කරන කම්කරුවන්ගේ වැටුප,නිවාස හා වෙනත් යටිතල පහසුකම් සංවර්ධන නොවීම මෙන්ම මොවුන්ගේ සේවයේ ඇගයිමකට සම්මානනීයත්වය
ට පත් නොකිරිම වැනි කරුණු අතර ප්රධාන ගැටලු බවට පත්ව තිබේ.
එවන් තත්ත්වයන් මැඩලමින් විශෙෂයන් ම හැකියාවට ,දක්ෂතාවයට අනුව තේ නෙලන්නියන් අගයමින් සම්මානයට ලක්කිරිමේ වැඩ සටහනක් 01 දා නුවරඑළිය,රදැල්ල තේ වතුයාය පරීශ්රයේ දී සිදුකෙරින.
මේ අවස්ථාව සදහා කැලණිවැලි වැවිලි සමාගමට අයත් තේ වතු 60 ක් නියෝජනය කරමින් කම්කරු කාන්තාවන් 55 කු සහභාගි විය.ඒ තලවාකැලේ,කොටගල,ගාල්ල,දෙණියාය,මාතර,බදුල්ල ආදි ප්රාදේශ රැසකින්ය
විනාඩි පහලෝවක කාලයක් තුලදි ඔවුන් නෙලනු ලබන තේ දළු ප්රමානය අනුව ජයග්රහිකාව තෝරා ගනු ලැබීය.එහිදි විනාඩි 15 කාලය තුලදී තේ දළු කිලෝ 8
ක් නෙලනු ලැබු කොටගල ගේට් වෙස්ටන් තේ වත්තේ 39 වියැති ඇන්තනි ඉරෝෂා රාජලෙච්චමි විසින් දිනාගනු ලැබීම.මෙම සමස්ත තරගාවලිය තුලින් ඇය දිනාගත් මුදල රුපියල් 6 50000.00 ක් අගල් 43 රූපවාහිනී යන්ත්රය ක්.ඇය වසර 18 ක කාලයක් එම තේ වත්තේ සේවය කර තිබේ.
අති උත්කර්ෂවත් අන්දමින් පැවති එම අවස්ථාවට හේලිස් සමාගමේ සභාපති මොහාන් පන්ඩිතගේ ,වැවිලි අංශයේ විධායක නිලධාරි ආචාර්ය රෝෂාන් රාජදොරේ,රජයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.