‘තුන්වන ලෝක යුද්ධය සමග සෙල්ලම් කරන්න එපා’- ට්‍රම්ප් යුක්‍රේන ජනපතිට කියයි

ඒ, ඛනිජ සම්පත් සම්බන්ධයෙන් ඇමෙරිකාව සමග ගිවිසුමක් අත්සන් කිරීමට යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි ධවල මන්දිරයට පැමිණි අවස්ථාවේදී ය.
මෙහිදී ‘තුන්වන ලෝක යුද්ධය සමග සූදු ක්‍රීඩාවේ’ යෙදෙන බවට ට්‍රම්ප් සෙලෙන්ස්කිට ඍජුව ම චෝදනා කළේ ය.
තවද හිටපු ජනාධිපති ජෝ බයිඩින් ‘මෝඩ ජනාධිපතිවරයා මේ යුද්ධය සඳහා ඩොලර් බිලියන 350ක් ලබා දුන් බව ත් යුක්‍රේනයට යුද්ධය ජයග්‍රහණය කිරීමට නොහැකි බව ත් ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය.
විදෙස් මාධ්‍ය පවසන්නේ, මෙම හමුවේදී සෙලෙන්ස්කිට ධවල මන්දිරයෙන් වහා ම පිටව යන ලෙසද ට්‍රම්ප් දැනුම් දී ඇති බව ත් සෙලෙන්ස්කි වෙනුවෙන් සැලසුම් කර තිබූ ප්‍රධාන ප්‍රවෘත්ති සාකච්ඡාව ද හදිසියේ ම අවලංගු කර ඇති බව ත් ය.
නායකයින් දෙදෙනා අතර ඇති වූ වචන හුවමාරුව නිසා ඛනිජ සම්පත් සම්බන්ධයෙන් වූ ගිවිසුම අත්සන් නොකළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ නමුත්, ට්‍රම්ප් සමඟ ඇති වූ ආරවුල ‘දෙපාර්ශවයට ම යහපත් නොවන’ නමුත් දෙරට අතර සබඳතා ඉදිරියට ශක්තිමත්ව පවත්වා ගතයුතු බව යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි පැවසූ බව ෆොක්ස් නිව්ස් වාර්තා කරයි.