කොළඹ උද්ධමනය පහළ ගිහින් ලු

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය අද (පෙබ. 28) ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව, කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2025 පෙබරවාරි මාසය සඳහා -4.2% ක් දක්වා අඩු වී ඇත. එය 2025 ජනවාරි මාසය සඳහා -4.0% ක් ලෙස වාර්තා වී තිබුණි.
2025 පෙබරවාරි මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්ෂ්යමය) -0.2% දක්වා වැඩි වී ඇති අතර 2025 ජනවාරි මාසයේ දී එය වාර්තා වූයේ -2.6% ක් ලෙසය.
එමෙන් ම, 2025 පෙබරවාරි මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්ෂ්යමය) -6.1% ක් දක්වා අඩු වී ඇති අතර එය 2025 ජනවාරි මාසයේ දී -4.7% ක් ලෙස වාර්තා විය.