කේරලයේ බඩු තොගයක් මාට්ටු , හලාවත ප්‍රබල ව්‍යාපාරිකයෙක් පිටුපස – ප්‍රසාද් පුර්ණමාල් ( වීඩියෝ ඇත )

ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටි දෙකහාමාරකට වැඩි වටිනාකමිකින් යුත් කේරල ගංජා තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට
හලාවත කොධ්ධාශ දුෂණ මර්ධන අංශයේ නිලධාරීන් සමත්ව තිබේ . පෙරේදා 25 රාත්‍රියේ හලාවත මැරවල ප්‍රදේශයේ දී නවීන පන්නයේ මෝටර් රථයක් නවතා පරික්ෂ
කිරීමේදී රථයේ පිටුපස මේ කේරල ගංජා සගවා තිබී ඇත .
හලාවත ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙකු මේ ජාවාරම මෙහෙයවන බව පොලිසියට තොරතුරු ලැබී තිබේ . අත්අඩංගුවට පත්වූ කේරල ගංජා ජලය ඇතුලට
නොයන සේ
සකස් කර කිලෝ ග්‍රෑම් දෙකේ පාර්සල් ලෙස කිලෝ 247 ග්‍රම්ස් 940 ක් තිබී ඇත .
හලාවත ජෞශ්ධ පොලිස් අධිකාරී රොහාන් පෙරේරා මහතාගේ උපදෙස් පරිදි හලාවත සහකාර පොලිස් අධිකාරී ධම්මික හපුගොඩ මහතාගේ මෙහෙයවීම මත
හලාවත කොධ්ධාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්සිරි හා හලාවත මුලස්ථාන පොලිස් පරීක්ෂක රුක්ෂාන් පෙරේරා යන
මහත්වරුන්ගේ අධික්ෂණය මත කොධ්ධාශ දුෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති පොලිස් සැරයන් 67359 වීරසිංහ පොලිස් කොස්තාපල් වරුන් වන 84280 ස්වර්ණතිලක
88602 සම්පත් , 81111 ජයමහ ,යන නිලධාරීන් මේ වැටලීම සිදු කර තිබේ .
අත්අඩංගුවට පත් සැකකරු සමග මත්ද්‍රව්‍ය හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි .