පවෙල් සාමිවරයාගේ 168වන උපන්දිනයට ශ්‍රී ලංකාවෙන් තෑග්ගක් — මෙලනි මානෙල් පෙරේරා

පෙබරවාරි මස 22 දින බාලදක්‍ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ රොබට් බේඩන් පවෙල් සාමිවරයාගේ 168 වන උපන්දිනය යෙදී තිබුණු අතර, එය සමරනු වස්, ශ්‍රී ලංකා බාලදක්‍ෂ දරුවන් රටවටා ඇති
දුම්රිය ස්ථාන 150ක් පවිත්‍ර කිරීමේ සද්කාර්යයක යෙදුණි. පසුගිය සෙනසුරාදා – 22 වනදා පැවැත්වූ එම සද්ක්‍රියාව සඳහා පළාත් බාලදක්‍ෂ නියමුවරයන් හා දෙමාපියන් ද සහභාගී වූහ.


සාමිවරයාගේ ජන්ම දිනයට සමගාමීව, ශ්‍රී ලංකාව තුළ වත්මන් ආණ්ඩුව විසින් මේ දිනවල ක්‍රියාත්මක කරනු ලබන “ක්ලීන් ශ්‍රී ලංකා”

“අපි යමක් ප්‍රකාශකරනවාට වඩා ඒවා ක්‍රියාවෙන් පෙන්වූවහොත් තමයි අනෙක් අයට එය ආදර්ශකොට ගන්නට පුලුවන් වෙන්නේ” යැයි ඇය පැවසීය.
බාලදක්‍ෂ ව්‍යාපාරය යනු ස්වෙච්ඡා ව්‍යාපාරයක් යැයි හඳුන්වාදුන් ඇය, මෙලෙස පොදු ස්ථානවල ක්‍රියාකාරකම්වල යෙදීමෙන් “බාලදක්‍ෂයින්ට හැකිනම් අන් සියලුදෙනාට ද පුලුවන් යන්න පෙන්වා දීම” සඳහා පොදු ක්‍රියාකාරකම්වල වඩාත් නිරත වන බව පැවසීය.
බාලදක්‍ෂ ව්‍යාපාරය යනු ස්වෙච්ඡා ව්‍යාපාරයක් යැයි හඳුන්වාදුන් ඇය, මෙලෙස පොදු ස්ථානවල ක්‍රියාකාරකම්වල යෙදීමෙන් “බාලදක්‍ෂයින්ට හැකිනම් අන් සියලුදෙනාට ද පුලුවන් යන්න පෙන්වා දීම” සඳහා පොදු ක්‍රියාකාරකම්වල වඩාත් නිරත වන බව පැවසීය.
තවද, මෙම වැඩසටහන මෙදිනට පමණක් සීමා නොවන අතර, වසර පුරාම බාලදක්‍ෂ දරුවන් එක්ව ව්‍යාපෘතියක් ලෙස, හැමවිටම සිය ආදර්ශ පාඨයට පණපොවමින් ජාති , ආගම් භේද, වයස් භේද, උස් පහත් – ලොකු පොඩි භේද කිසිවක් නැතිව, කණ්ඩායම් හැගීම තුළ එකමුතුකමින් යුතුව ආදර්ශමත් කාර්යයන්වල නිරතවීම සහ අවසානයේ එයින් සතුටක් ලැබීම බාලදක්‍ෂ ව්‍යාපාරයේ අරමුණ යැයි ද ඇය කීවේය.

“අද අපට ප්‍රීතිමත් දවසක් මොකද, අපේ කළාපයේ බාලදක්‍ෂ සියලුම දෙනා එකතුවෙලා මේ වගේ හොඳ දෙයක් දියත් කරන්න පුලුවන් වුණා. අද අපේ නිර්මාතෘවරයාගේ උපන්දිනය , එතුමා අපිට උගන්වා තිබෙන්නේ යහපත් දේ කර පෙන්වන්න, ඒ දේවලින් තෘප්තියක් ලබන්න කියලා”. යැයි බලදක්‍ෂ දරු දැරියන් වූ සාරා නිකෝලියා, නතාරි ඩියෙන්කා සහ ක්‍රිස්තුරාජ විද්‍යාලයේ විමුක්ති රේහාන් මෝජෝ පුවත් සමග පැවසීය.
මේ දිනවල ලංකාවේ දියත්කරමින් යන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ සිදුකරන පවිත්‍රතා කොටසට මේ ආකාරයෙන් පුංචි අපට දායක වෙන්න ලැබීම ගැන සතුටු වෙනවා යැයි බාලදක්‍ෂ දරුවන් වැඩිදුරටත් පැවසීය.
“අපගේ නිර්මාතෘ එංගලන්තයේ ඉපැදුණත්, පසුකාලිනව සේවය කිරිමට ඉංදියාවට ගියා, දකුණු අප්‍රිකාවට ගියා. එහිදි එතුමා දුටුවා ළමුන්ට විශාල සේවයක් කරන්නට හැකි බවත් නමුත් වැඩිහිටියෝ ඒ සඳහා


මෙම අවස්ථාව සඳහා ක්‍රිස්තුරාජ විද්‍යාලයේ විදුහල්පති ගරු නිහාල් රුද්‍රිගු පියතුමා, ජී.බී.සේනානායක විදුහලේ විදුහල්පති , බාලදක්‍ෂ පෝතක නායිකා එස්. ෂහාරා පුරන්පාති , බාලදක්‍ෂ නායක සජන නිරුත් ඇතුලු බාලදක්‍ෂ නායකයින් සහ තුඩැල්ල දුම්රිය ස්ථානාධිපතිතුමා ඇතුලු ප්‍රාදේශීය නිළධාරීන් කිහිපදෙනෙක් ද සහභාගි වුහ.
ශ්‍රී ලංකාවේ බාලදක්ෂ සංගමය 1912 දී මාතලේ දිස්ත්‍රික්කයේ ක්‍රිස්තුදේව විද්‍යාලයේදී බ්‍රිතාන්‍ය ජාතික ෆ්‍රැන්සිස් ජෝර්ජ් ස්ටීවන්ස් විසින් ආරම්භ කරන ලදී. ආරම්භක අවධියේදී සිසුන් 248 දෙනෙක් සාමාජීකත්වය හිමිකරගෙන සිටී බව වාර්ථාවල පෙන්වා දෙයි.
https://www.youtube.com/watch?v=EtGlv7ymWBg