මුදල් අමාත්‍යාංශයේ වාහන 176ක් අතුරුදන්

මේ අතරින්, වාහන 99ක් පිළිබඳ භෞතික පැවැත්ම ඇතුළු තොරතුරු කිසිවක් විගණනය වෙත ඉදිරිපත් කර නොතිබිණි.
මුදල් අමාත්‍යාංශය නමින් ලියාපදිංචි වී ඇති සියලු වාහන පිළිබඳ භෞතික පැවැත්ම හා අයිතිය තහවුරු කර ගැනීමට කටයුතු කළයුතු බව විගණනය මගින් නිර්දේශකොට ඇත.
මේ පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරිවරයා විගණනයට සඳහන් කොට ඇත්තේ, මෙම වාහන 176 සම්බන්ධයෙන් තොරතුරු සොයා ගැනීමට කටයුතු කරමින් පවතින බව ය.
මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය මගින් 2023 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.