ප්‍රවීණ ගායන ශිල්පිනි අමිතා වැදිසිංහ දිවි සැරිය නිමා කරයි

මිය යන විට ඇය 82 වන වියේ පසු විය.
1954 වසරේදී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ශිල්පීය ගායන වැඩසටහන් හරහා සිය සංගීත ගමන් මග ඇරඹූ එතුමිය ගුවන්විදුලි සංස්ථාවේ ශ්‍රේණිගත ගායිකාවක ලෙස කටයුතු කළා ය.
‘සෙංකඩගලපුර දළදා බුදුරැස්’, ‘රන් දොරින් එන්න ආදරේ’, ‘මේ උදාර ලංකා භූමියයි’, ‘තාරකා වලින් ලියූ නමුදු අම්බරේ’ වැනි ජනප්‍රිය ගීත රැසක් අමිතා වැදිසිංහ ගායනා කර තිබේ.