‘ජාතික ආරක්ෂාවට කිසිදු බලපෑමක් නෑ’-මහජන ආරක්ෂක ඇමති අවධාරණය කරයි

කිසිදු ආකාරයක ජාතික ආරක්ෂාව බිඳ වැටීමක් සිදු වී නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, අද (පෙබ. 20) පාර්ලිමේන්තුවේදී ය.
සංවිධානාත්මක අපරාධ සංවිධාන අතර ගැටුම් දීර්ඝ කාලයක සිට මේ සමාජයේ සිදු වන බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේ ය.
මේ අතර, ගණේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ යැයි සැක කරන වෙඩික්කරුට පළා යෑමට සහය වූ වෑන් රථයේ රියැදුරු අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය.
එහිදී ඔහු පැවසුවේ, සැකකාර කාන්තාව අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කරමින් පවතින බව ය.
අලුත්කඩේ මහේස්ත්‍රාත් සංකීර්ණය තුළ සිදුවු වෙඩිතැබීමෙන් සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වූ ගණේමුල්ල සංජීව නැමැත්තා ඊයේ (පෙබ. 19) ඝාතනය විය.
පසුව සිදුකළ පරීක්ෂණවලින් අනතුරුව මෙම වෙඩි තැබීම සිදු කළ බවට සැක කරන වෙඩික්කරු ඊයේ පුත්තලම, පාලවිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබිණි.