මහනුවර සිට ඇල්ල දක්වා සති අන්ත ඔඩිසි දුම්රියක් – නදීක දයා බණ්ඩාර

මහනුවර සිට ඇල්ල දක්වා සති අන්ත නව ඔඩිසි දුම්රියක් ධාවනයට එක්වීම  (16) පෙරවරුවේ මහනුවර දුම්රිය ස්ථානයේදී ආරම්භ විය.

එහි මංගල ගමන් වාරය ඇරඹූ අවස්ථාව සඳහා ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ද එක්වූ අතර ඒ මහතා සහ ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ද එම ගමනට එක්වූහ.

වඩාත් ගුණාත්මක හා කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් ලබා දීමේ අපේක්ෂාවෙන් දියත් කළ මෙම වැඩසටහන යටතේ තවත් දුම්රිය ගමන්වාර කිහිපයක් සහ දුම්රිය බලවේග කට්ටල සේවයේ යොදවන බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය.

සති අන්තයේ දියත් කළ මෙම දුම්රියේ ගමන් කිරීම සඳහා දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් විශාල පිරිසක් සහභාගීව සිටියෝය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *