ක්ලීන් ශ්‍රී ලංකා යටතේ පරිසර පවිත්‍රතාවයට පේරාදෙණිය ද එක්වේ. නදීක දයා බණ්ඩාර

 

 

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහනට සමගාවීම පේරාදෙණිය හා ඒ අවට ප්‍රදේශවල පරිසර පවිත්‍රතා කිරීමේ වැඩසටහනක් පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් දියත් කොට තිබේ.

එම විශ්ව විද්‍යාලයේ 86/87 ශ්‍රාස්ත්‍රපීඨ ආදි විද්‍යාර්ථීන්ගේ මෙහෙයවීම මත එම විශ්ව විද්‍යාලීය පරිසර තිරසාර කේන්ද්‍රය එක්ව Clean Pera මැයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.

ගලහ හන්දියේ සිට පේරාදෙණීය හරහා ඉංජිනේරු පීඨය දක්වා ද ගලහ හන්දියේ සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලය හරහා රාමනාදන් ශාලාව දක්වා ද මෙම ශ්‍රමදාන වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. එමෙන්ම ගලහ හන්දියේ සිට උඩපේරාදෙණිය පාර ගල් පල්ලිය දක්වා ද මෙම පිරිසිදු කිරීමේ ව්‍යාපාරය ක්‍රියාත්මක විය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්, අධ්‍යයන හා අනධ්‍යයන කාර්යය මණ්ඩලය විශ්ව විද්‍යාල සිසුන්, පාසල් දූ දරුවන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *