අයවැයට කැබිනට් අනුමැතිය

2025 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙයි.

අද (17) උදෑසන පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමි වූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

ඒ අනුව අද (17) පෙරවරු 10.30ට ජනාධිපතිවරයා විසින් 2025 වර්ෂය සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව ඉදිරිපත් කරන පළමු අයවැය මෙය වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *