වසර පහක සිට හැටන් ඔරලෝසුව කණුව දැන්වීම් එල්ලීම,කසල රැස් වන හා යාචක නවාතැන්පොළක් – චන්දන ජයවීර හැටන්

හැටන් නගර මධ්‍යයේ පිහිටි ඔරලෝසු කණුව වසර පහක පමණ සිට දැන්විිම් එල්ලිිම හා කසල රැස්වන ස්ථානයක් බවට පමණක් පත්ව ඇති බව නගරවාසීහු පෙන්වා දෙති.
හැටන් නගරය යනු දෛනිකව විශාල ජනතාවක් ගැවසන නගරයක් වන අතර අවට ගම්වාසින් මෙන්ම දෙස් විදෙස් සංචාරකයින් බහුලව සැරි සරන නගරයකි.
වසර පහකට පමණ ඉහත දී සක්‍රීය මට්ටමේ පැවති සිව් දිසාවටම මුහුණත් සවිකර තිබින. හෝරාවෙන් හොරාවට සංඥා හඩ සහිතවු මෙම ඔරලෝසුව නගර වාසින්ට මෙන්ම බාහිරින් පැමිණ සිටින ජනතාවට විශාල සේවයක් සැලසන.
හැටන් – දික්ඔය නගර සභාව විසින් නඩත්තු කරනු ලබන ඔරලෝසුව වසර පහක පමණ කාලයක සිට අක්‍රියවී ඇති බවත් අවස්ථා කීපයකදී පිළිසකර කල ද සාර්ථක නොවුන බවත් පෙන්වා දෙන නගර වාසීන් මේ වන විට ඔරලෝසුව කණුව දැන්වීම් එල්ලීම සදහා ද එහි පාමුල කසල එකතුවන ස්ථානයක් හා බොහෝ අවස්ථා වල යාචකයින් ලැගුම් ගන්නා ස්ථානයක් බවට පමණක් පත්ව ඇති බව ද පෙන්වා දෙනු ලැබේ.
නගරය මධ්‍යයේ ම අක්‍රීය හා අශෝභන දසුනක් බවට පත්ව ඇති ඔරලෝසු කණුව නගරයට පැමිණෙන ජනතාවට සේවයක් සලසන ස්ථානයක් බවට පත් නොකරන්නේ මන්දැයි හැටන් දික්ඔය නගර සභාවේ උසස් නිලධාරිනියකගෙන් විමසු විට පැවසුවේ පසුගිය කාලයේ විදුලි බිල නොගෙවීම නිසා සම්බන්ධතාවය විසන්ධි කර තිබු බවත් එම හිග මුදල් ගෙවා අවසන්ව ඇති අතර නව සම්බන්ධතාවයක් ගැනීමට කටයුතු කරමින් සිටින බවය .