පේරාදෙණිය විශ්ව විද්‍යාලීය කළමණාකරණ පීඨයට නවක සිසුන් බඳවා ගැනීම – නදීක දයා බණ්ඩාර මහනුවර

පේරාදෙණිය විශ්ව විද්‍යාලීය කළමණාකරණ පීඨය සඳහා නවක සිසුන් බඳවා ගැනීම එම පීඨ ශ්‍රවණාගාරයේදී ඊයේ (10) සිදු කෙරිණි.
විශ්ව විද්‍යාලීය වැඩබලන උපකුලපති මහාචාර්ය රංජිත් පල්ලියගුරු මහතාගේ ප්‍රධානත්වයෙන් නවක සිසුන් පිළිගැනීම, සිසුන් ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාව සඳහා ශේණිගත කිරීමේ පරීක්ෂණය සහ සිසුන්ගේ දෙමාපියන් දැනුවත් කිරීම ද ඊට සමගාමීව සිදුවිය.
2024/2025 අධ්‍යයන වර්ෂය සඳහා බඳවා ගත් නවක සිසුන් ඇමතීම විශ්ව විද්‍යාලීය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා විසින් මාර්ගගත තාක්ෂණය ඔස්සේ එහිදී සිදු කරන ලදි.
කළමණාකරණ පීඨයේ පීඨාධිපති මහාචාර්ය රවී කුරුප්පුගේ මහතා ඇතුලු අධ්‍යයන කාර්යය මණ්ඩලය, නවක සිසුන් හා දෙමාපියන් මෙම අවස්ථාවට සහභාගීවූහ.